රාජ්‍ය බුද්ධි සේවය සහ හමුදා බුද්ධි අංශ CID නොමඟ නොයැව්වා නම් පාස්කු ප්‍රහාරය වළක්වා ගත හැකිව තිබුණා

රාජ්‍ය බුද්ධි සේවා (SIS) සහ හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය (DMI) එක්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) නොමඟ යැවීමක් සිදු නොකර නිවැරදි තොරතුරු ලබා දුන්නේ නම් තමාට සහ තම නිලධාරීන්ට පාස්කු ප්‍රහාරය වළක්වා ගත හැකිව තිබූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා ඩේලි මිරර් පුවත්පත සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පවසා තිබෙනවා.

එමෙන්ම 2019 නොවැම්බර් මාසයේදී තම නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මාරු කිරීමට ක්‍රියා නොකර තවත් මාස කිහිපයක් කල් ලබා දුන්නේ නම් තම කණ්ඩායමට පරීක්ෂණ අවසන් කර අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීමට හැකිව තිබූ බව සෙනෙවිරත්න මහතා පවසනවා.

2019 නොවැම්බරයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස වැඩ භාරගත් වහාම ඔහුගේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ස්ථාන මාරු කළ ආකාරය ගැන සෙනෙවිරත්න මහතා සඳහන් කර තිබෙනවා.

“සාමාන්‍යයෙන් නව ජනාධිපතිවරයෙකු වැඩ භාර ගන්නා විට ඔහුගේ පළමු රාජකාරිය වන්නේ අගමැතිවරයෙකු, අමාත්‍ය මණ්ඩලය සහ අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කිරීමයි. වෙනත් පත්වීම් පසුව සිදු කරන්නේ ඉන් අනතුරුවයි. එහෙත් ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩ භාරගත් පසු ඔහුගේ පළමු රාජකාරිය වූයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අබේසේකර මහතා තනතුරෙන් පහළ හෙලීමයි. රටේ ආගමන විගමන නීතිවල කිසිදාක, සීඅයිඩීයේ උපදෙස් මත ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සංචාරක තහනමක් පනවනු අප දැක නැහැ. එවැනි නියෝග අධිකරණය හරහා යා යුතුයි. කෙසේ වෙතත්, ගෝඨාභය රාජපක්ෂගේ නියෝගය යටතේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අභිනවයෙන් පත් වූ අධ්‍යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්. තිලකරත්න (මහින්ද රාජපක්ෂගේ හිටපු පුද්ගල ආරක්ෂක නිලධාරි) විසින් ඉහත කී සියලු පරීක්ෂණවලට සෘජුවම සම්බන්ධ වූ තෝරාගත් CID නිලධාරීන් 704 දෙනෙකුට විදෙස් ගමන් තහනම් කළා. මෙම තහනම තවමත් ක්‍රියාත්මකයි. මෙය රටේ ආගමන විගමන නීති අමු අමුවේ උල්ලංඝණය කිරීමක්”

2018 නොවැම්බර් 30 වැනි දින මඩකලපුව වව්නතිව් ප්‍රදේශයේදී පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු (PC) ඝාතනය කිරීමෙන් පසු රාජ්‍ය බුද්ධි සේවා (SIS) සහ හමුදා බුද්ධි අධ්‍යක්ෂ (DMI) විසින් CID නිලධාරීන් නොමඟ යැවූ ආකාරය ඔහු මෙහි දී වැඩිදුරටත් පවසා තිබෙනවා. එය මාස පහකට පසු පාස්කු ප්‍රහාරයට තුඩු දුන් සහරාන්ගේ මෙහෙයුමේ හැරවුම් ලක්ෂයයි.

සෙනෙවිරත්න මහතාට අනුව බුද්ධි අංශ විසින් මෙම ඝාතන සඳහා හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙක් නැවත නැවතත් කොටු කළ අතර එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනය මුස්ලිම් අන්තවාදී ජාතික තව්හිද් ජමාත් (NTJ) දෙසට හැරීම වළක්වනු ලැබුවා.

ඔහුට අනුව 2018 දෙසැම්බර් 5, 8, 14 සහ 2019 ජනවාරි 3 යන දිනවල DMI ප්‍රධානි නිලන්ත ජයවර්ධන විසින් CID වෙත අසත්‍ය වාර්තා හතරක් යවා තිබෙනවා.

මෙම සියලු වාර්තාවල සඳහන් වූයේ හිටපු එල්.ටී.ටී.ඊ. කාඩර්වරුන් විසින් මෙම ඝාතන සිදු කර ඇති බවයි. වව්නතිව් ඝාතන පරීක්‍ෂණ සිදුකරන විටත් පසුව මාවනැල්ල බෞද්ධ සිද්ධස්ථානවලට ප්‍රහාර එල්ල කිරීමේදීත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නිවැරැදි තොරතුරු SIS ලබා දුන්නේ නම් පාස්කු ප්‍රහාරය ඉතා පහසුවෙන් වළකා ජීවිත බේරා ගැනීමට රහස් පොලිසියට හැකිව තිබූ බව ඒ මහතා වැඩිදුරටත් පවසා තිබෙනවා.

විදේශීය ජාතිකයන් ඇතුළුව 250 කට වැඩි සංඛ්‍යාවක් මරුමුවට පත් කරමින් සහ රටේ පල්ලිවලට සහ තරු පහේ හෝටල්වලට ප්‍රහාරයක් එල්ල කෙරුණේ එම නොමඟ යැවීමේ ප්‍රතිඵලයක් ලෙසයි.

“මම කිව්වා වගේ වව්නතිව් සිද්ධිය තමයි හැරවුම් ලක්ෂය වුණේ. 2018 නොවැම්බර් 30 වෙනිදා මඩකලපුව වව්නතිව් ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කර ඇති බවට පොලිස් මූලස්ථානයට පණිවිඩයක් ලැබුණා. පොලිස්පති පූජිත් ජයසුන්දරට අවශ්‍ය වූයේ මා අපරාධය සිදුවූ ස්ථානයට පැමිණීමයි.

එහිදී අපට රාජ්‍ය, හමුදා සහ මඩකලපුව කොට්ඨාශ පොලිස් බුද්ධි අංශ නිලධාරීන් හමුවුණා. අප අපරාධය සිදුවූ ස්ථානයට පැමිණීමට පෙර මෙම බුද්ධි අංශ නිලධාරීන් නිගමනය කර තිබුණේ පසුගිය නොවැම්බර් 26 වැනිදා ‘මහවිරු’ සැමරුම පොලිසිය කඩාකප්පල් කළ නිසා එම ඝාතනය සිදු කළේ හිටපු පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. කාඩර්වරයකු වූ අජන්තන් බවයි. අජන්තන් පමණක් නොවේ. නමුත් මෙම ඝාතනය සම්බන්ධයෙන් මඩකලපුව පොලිසිය ලබාදුන් තොරතුරක් මත කිලිනොච්චිය පොලිසිය විසින් තවත් පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු වන ශර්වානන්දන ද අත්අඩංගුවට ගෙන තිබුණා. ඔවුන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝග පවා ලබාගෙන තිබුණා.

මෙම ඝාතනයෙන් දින කිහිපයකට පසු DMI සහ SIS අපට දන්වා සිටියේ අපරාධ සිදු වූ ස්ථානයට ආසන්න වෙල්යායක බෝක්කුවක් යට තිබී යතුරුපැදි ජැකට්ටුවක් සොයාගෙන ඇති බවයි. එම භාණ්ඩ ඝාතනයට සම්බන්ධ විය හැකි බව SIS ප්‍රධානී නිලන්ත ජයවර්ධන මට දන්වා තිබුණා.ඒ අනුව පොලිස් අධිකාරී D.P.D. ජයසිංහ එතනට යැව්වා. ඔහු එහි ළඟා වන විට, SIS නිලධාරීන් ජැකට් එක තිබූ බෑගය විකෘති කර තිබුණා.

පැය 24ක් ගත වූවත් එම සුවඳ සුනඛයින්ට සොයාගත නොහැකි වුවද පොලිස් සුනඛයන් ජැකට්ටුවේ තිබූ සුවඳ අනුව අජන්තන්ගේ නිවසට ගොස් ඇති අතර එයින් අදහස් වන්නේ ඝාතනය සිදුවී පැය 72කට පමණ පසුව එම ජැකට්ටුව එහි දමා ඇති බවයි.

සුනඛයින් අජන්තන්ගේ නිවසට යන විට නිවසේ සිටියේ ඔහුගේ මහලු නැන්දම්මා සහ කුඩා දරුවන් දෙදෙනාය. නැන්දම්මා වහාම ජැකට්ටුව හඳුනාගෙන ඇති අතර ඔහුගේ දරුවන් දෙදෙනා එය තම පියාගේ බවත් එය පෙරදා රාත්‍රියේ ඔහුගේ ඇඳ යට තිබූ බවත් පවසා තිබෙනවා.

විමර්ශන කණ්ඩායම නොමග යැවීම සඳහා මෙම වැරදි තොරතුරු ගොතා තිබුණා. පසුව කරන ලද පරීක්ෂණවලදී හෙළි වූයේ මෙම ඝාතනවලට අජන්තන්ගේ සම්බන්ධයක් නොමැති බවයි. සැබෑ වැරදිකරුවන් වන ජාතික තවුහිත් ජමාත් (NTJ) වසන් කිරීමට SIS සහ DMI හිතාමතාම අපව නොමඟ යැවූ බව අපට වැටහෙන විට ප්‍රමාද වැඩියි”

Latest News

More like this

ආරුගම්බේ උඩුකය නිරුවතින් ඇවිද්ද තායි කතට ලැබුණු දඬුවම

අම්පාර ආරුගම්බේ සංචාරක කලාපයේ උඩුකය නිරුවතින් ගමන් ගත් විදේශීය...

‘භාතිය’ නිදහස ලබයි

වෙඩි වැදීමක් හේතුවෙන් බරපතල අසාධ්‍ය තත්ත්වයෙන් දින ගණනාවක් ප්‍රතිකාර...

රජය ගව ශුක්‍රානු ආනයනය කිරීමට සැරසෙයි

උසස් තත්ත්වයෙන් යුතු ගවයන් 15,000ක් බිහි කර ගැනීමේ ව්‍යාපෘතියක්...

රජය අදානිට එරෙහිව නඩු මඟට යයිද?

මන්නාරම් මෙගාවොට් 484ක සුළං විදුලි බලාගාර සහ සම්ප්‍රේෂණ ව්‍යාපෘතියෙන්...
error: Content is protected !!