දේශබන්දු වරදකරු වේ..

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවලට වරදකරු බව විෂමාචාර සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුව සිය වාර්තාවෙන් දැනුම් දී තිබෙනවා.

අද (22) එම වාර්තාව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ඒ බව දැනුම් දුන්නා.

එහිදී කථානායකවරයා වැඩි දුරටත් දැනුම් දුන්නේ පාර්ලිමේන්තුව විවාද කර යෝජනාව සම්මත කරන දිනය පසුව දැනුම් දෙන බවයි.

දේශබන්දු තෙන්නකෝන් මහතා සිදුකර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධූරයේ බලතල බරපතල ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීම සඳහා පත් කළ පරීක්‍ෂණ කමිටුවේ සභාපති ධුරය දැරුවේශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා විසිනි.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික විනිසුරු නීල් ඉද්දවේල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති E.W.M ලලිත් ඒකනායක මහත්වරුන් එහි සෙසු සාමාජිකයන් වනවා.

මෙම පරීක්ෂණ කමිටුව අවස්ථා 10කට වැඩි ගණනකදී රැස්වී සාක්ෂි සටහන් කර ගැනීම සිදුකළා.

එමෙන්ම ජුලි මස 16 වැනිදා සිට එම පරීක්ෂණ කමිටුව දිනපතා රැස්වී සාක්ෂි සටහන් කර ගැනීමට පියවර ගෙන තිබුණා.

Latest News

More like this

බංගලාදේශ හිටපු අගමැතිනිය එල්ලුම් ගහට

බංග්ලාදේශයේ බලයෙන් පහ කරන ලද හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට...

දිලිත්ගේ නිවසේ අද රාත්‍රී සර්ව විපාක්ෂික සාදයක් !

සර්ව ජන බලය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීරගේ...

මුහුණේ කැළැල් මකන්න ආ තරුණියට පේරාදෙණිය වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයකදී අතවර !

මුහුණේ ලප කැළැල් සඳහා ප්‍රතිකාර ගැනීමට පැමිණි තරුණියකට අතවර...

තුසිත හල්ඔලුවට වරෙන්තු

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව වහාම...