යුද්ධයේ සිටින ශ්‍රී ලාංකිකයන් ගැන යුක්‍රේනය නිහඬයි

යුක්‍රේන යුද්ධයේ සටන් වදින ශ්‍රී ලාංකිකයන් පිළිබඳ විස්තර ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකාව නැවත නැවතත් ඉල්ලා සිටියද යුක්‍රේනය දැඩි ලෙස නිහඬ ප්‍රතිපත්තියක සිටින බව ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

විදේශ අමාත්‍යාංශය සහ යුක්‍රේනයට සමගාමීව ස්ථාපිත කර තිබෙන කර ඇති තුර්කියේ අන්කාරා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මේ මොහොතේ යුද පෙරමුණේ සිටින ශ්‍රී ලාංකිකයන් පිළිබඳ තොරතුරු ලබා දෙන ලෙස සති දෙකකට පෙර යුක්‍රේන බලධාරීන්ගෙන් විධිමත් ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

මීට සතියකට පෙර නැවත සිහි කැඳවීමක් ද යවා ඇතත් තවමත් ප්‍රතිචාරයක් ලබා දී නැහැ.

මීට අමතරව, නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉන්දියාවේ යුක්‍රේන දූත මණ්ඩලයෙන් ද මේ පිළිබඳ තොරතුරු විමසීමක් සිදු කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙම බඳවා ගැනීම් එරට නීතියට අනුව සිදු කර ඇති බව වාර්තා වන බව ආරංචි මාර්ග වැඩි දුරටත් පවසනවා.

එසේම,එම ආරංචි මාර්ග පවසන්නේ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයට එම රට යුදමය වාතාවරණයක ගිලී ඇති අවස්ථාවක තොරතුරු ඉදිරිපත් කිරීම ප්‍රමාද කිරීම සම්බන්ධ මූලික යථාර්ථයන් පිළිබඳව ද මූලික අවබෝධයක් ඇති බවයි.

Latest News

More like this

පරිස්සමෙන්.. ගංවතුරට අහුවුණ සහල් වෙළඳපොළට බෙදාහරින ජාවාරමක්

මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව ප්‍රදේශයේ ගංවතුරෙන් හානි වූ පරිභෝජනයට නුසුදුසු...

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...