රංගනයෙන් පාර්ලිමේන්තුවට, පාර්ලිමේන්තුවෙන් කැනඩාවට ගිය උද්ධික ළඟදීම වැලිකඩට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා ගමන් ගත් මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට අදාළ අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම මහතා පරිහරණය කළ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට අයත් පිස්තෝලය සහ වෙඩි තැබීම සිදු කළ ස්ථානයේ තිබී සොයා ගත් හිස් උණ්ඩ රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා ඊට අදාළ වාර්තාව නොපමාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.

උද්ධික ප්‍රේමරත්න මහතාගේ වාහනයට වෙඩි තැබීමේ සිදුවීමෙන් දින දෙකකට පසුව සිය රාජකාරී පිස්තෝලය ක්‍රියාත්මක තත්ත්වයේ නැති බව පවසමින් සහකාර පොලිස් අධිකාරි සංජීව මහානාම මහතා අනුරාධපුර මූලස්ථානයට භාර දුන් ඔහුගේ රාජකාරි පිස්තෝලය රජයේ මධ්‍යම අවි ගබඩාවට යවා පරික්ෂා කර බැලීමේ දී ඉතා හොඳින් ක්‍රියාත්මක තත්ත්වයේ පවතින බවට තහවුරු කර ගත්තේ යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා හමුවේ පවසනු ලැබුවා.

උද්දික ප්‍රේමරත්න මහතා ගමන් ගත් මෝටර් රථයට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල කිරීමේ සිද්ධියට අදාළ නඩුව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෝසමක් මඟින් යළි කැඳවූ අවස්ථාවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ බව අධිකරණය හමුවේ සඳහන් කළා.

මෙහිදී වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ මෙම වෙඩිතැබීමේ සිද්ධියට යොදා ගෙන ඇත්තේ අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම මහතාට ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කර තිබූ රාජකාරි පිස්තෝලයෙන් බවට මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ පුළුල් විමර්ශනයේ දී අනාවරණයවී ඇති බවයි.

වෙඩි තැබීම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න සහ අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම යන දෙදෙනා සැලසුම් සහගතව සංවිධානාත්මකව සිදු කර ගත් එකක් බවට කරුණු අනාවරණය වෙමින් පවතින බව ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.

සහකාර පොලිස් අධිකාරිවරයා සිය රාජකාරි පිස්තෝලය අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අවි ගබඩාවට භාරදීමට හේතුව ලෙස සඳහන් කර ඇත්තේ එම පිස්තෝලය ක්‍රියාත්මක තත්ත්වයේ නොමැති බව කියමිනි.

එම නිසා ඔහුට වෙනත් පිස්තෝලයක් නිකුත් කර ඇති බව ද අධිකරණයට කියා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක තත්ත්වයේ නොමැති බව කියමින් සහකාර පොලිස් අධිකාරිවරයා බාර දුන් පිස්තෝලය අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අවි ගබඩාව විසින් රජයේ මධ්‍යම අවි ගබඩාවට යවා ඇති බව ද සැල කර සිටියා.

පසුව එම පිස්තෝලයේ ක්‍රියාත්මක තත්ත්වය සම්බන්ධයෙන් මධ්‍යම අවි ගබඩාව මඟින් පරීක්ෂා කර බැලූ බවත් ක්‍රියාත්මක තත්ත්වයේ නොමැති බව කියමින් සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම මහතා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අවි ගබඩාවට භාර දුන් පිස්තෝලය ඉතා හොඳ ක්‍රියාත්මක තත්ත්වයේ පවතින බවට තහවුරු කර ඇති බව ද සඳහන් කළා.

ඒ අනුව සිය පිස්තෝලය ක්‍රියාත්මක තත්ත්වයේ තිබිය දී එය අක්‍රිය තත්ත්වයේ පවතින බවට අසත්‍යයක් ප්‍රකාශ කරමින් සහකාර පොලිස් අධිකාරිවරයා අවි ගබඩාවට සිය රාජකාරි පිස්තෝලය බාර දීම ප්‍රබල සැකයට හේතුවක් වූ බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඒ අනුව ඉදිරි විමර්ශන කටයුතු සඳහා අදාළ පිස්තෝලය සිය භාරයට ගෙන විමර්ශන අරඹා වැදගත් තොරතුරු රැසක් හෙළි කර ගත් බව පවසා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙඩි තැබීමේ අපරාධමය සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මේ වන විටත් හඳුනාගෙන ඇති බව ද පවසා සිටියා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කරුණු දැක්වීමෙන් අනතුරුව එම දෙපාර්තමේන්තු නිලධාරින් ඇමතූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඔවුන්ගෙන් විමසා සිටියේ මෙම වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් නොකරන්නේ ඇයිද? යන්නයි.

ඊට ප්‍රතිචාර දක්වමින් නිලධාරීන් කියා සිටියේ වෙඩි තැබීම සිදු වන අවස්ථාවේ අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරිවරයා පරිහරණය කළ පිස්තෝලය සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාව ලද විගස සැකකරුවන් අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවයි.

මෙම සිදුවීමට සම්බන්ධ සහකාර පොලිස් අධිකාරිවරයා ඉකුත් 12 ද රාත්‍රියේ මැලේසියාවට පිටත්ව ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කර තිබුණා.

Latest News

More like this

ජනපති අපනයන ක්ෂේත්‍රයේ පාර්ශවකරුන් හමුවෙයි

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවෙන් එරටට ආනයනය කරනු ලබන...

SLIIT මගඩිය ගැන මෛත්‍රී, රනිල් ඇතුළු යහපාලන කැබිනට් මණ්ඩලයටම චෝදනා

මහපොළ ශිෂ්‍යත්ව අරමුදල යටතේ ඇති ආයතනයක් වන SLIIT ආයතනයට...

හෂාන් තිලකරත්නගේ බිරිඳ අප්සාරි නිතී විරෝධී වැඩක් කරයි

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න මහතාගේ බිරිඳවන...

සාරා ජීවතුන් අතර බවට ප්‍රබල සැකයක්… පිල්ලෙයාන් ප්‍රහාරය කලින්ම දැන සිටියා.. පාස්කු පරීක්ෂණ අලුත් වෙන හැටි මෙන්න

හිටපු රාජ්‍ය අමා­ත්‍ය­ව­ර­යකු මෙන්ම ටී.එම්.වී.පී. සංවි­ධා­නයේ නායක සහ නැඟෙ­න­හිර...
error: Content is protected !!