ඔස්ට්‍රේලියාවේ වාර්තාගත ජනගහන ඉහළ යාමට මෙන්ම ශිෂ්‍ය වීසා කප්පාදු කිරීමේ ප්‍රතිපත්තිය කෙරෙහි ඉන්දීය සංක්‍රමණිකයන්ගේ වැඩිවීම වැඩි වශයෙන් හේතු වී ඇති බව නව වාර්තා මගින් හෙළිවී තිබෙනවා.
2022 වසරේ ජූනි මාසය වන විට ඔස්ට්‍රේලියාවේ සිටි ඉන්දියානුවන් සංඛ්‍යාව 753,520ක් වූ අතර එය ඊට වසර 10කට පමණ පෙර වාර්තා වූ සංඛ්‍යාව මෙන් දෙගුණයකටත් වඩා වැඩි බව වාර්තාව පවසනවා.
බ්‍රිතාන්‍යයෙන් පසු ඉන්දියානු ජනතාවක් වැඩි වශයෙන් සිටින රට ලෙසට සැලකෙන්නේ ද ඔස්ට්‍රේලියාවයි.
ඉන්දියානු සංක්‍රමණිකයන් බොහෝ දෙනෙකු ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීම සඳහා ශිෂ්‍ය වීසා භාවිතා කරන බව අනාවරණය වී තිබෙනවා.
කෙසේ වෙතත් වත්මන් රජය පසුගිය මාර්තු මාසයේදී ශිෂ්‍ය වීසා නීති දැඩි කිරීමෙන් පසු එම කටයුතු සඳහා බාධා මතුවී ඇති බව සඳහන්.
විචාරකයින් පෙන්වා දෙන්නේ දෙරට අතර පවතින බිලියන 1.4ක ආර්ථික වෙළඳ පොල හමුවේ ඔස්ට්‍රේලියා රජය බොහෝ දුරට ඉන්දීය සංක්‍රමණ පිළිගන්නා බවයි.
2022 මූල්‍ය වර්ෂයේදී ඔස්ට්‍රේලියාව ඩොලර් බිලියන 19.3ක පමණ භාණ්ඩ ඉන්දියාවට අපනයනය කර ඇති අතර නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් කර වසරකට පසුව එම අගය ඩොලර් බිලියන 33 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ අතර, MATES නමින් හැඳින්වෙන නව නියමු වැඩසටහනක් මඟින් ඉන්දියාවේ තරුණ වෘත්තිකයන්ට සහ උපාධිධාරීන්ට ඔස්ට්‍රේලියාවේ සේවය කිරීමේ පහසුකම ඉහළ නංවා ඇතැයි ද සඳහන්.
එම වැඩසටහන මඟින් ඉන්දියානු විශ්ව විද්‍යාල උපාධිධාරීන්ට සහ වෘත්තිකයන්ට ඔස්ට්‍රේලියාවේ වසර දෙකක් දක්වා ජීවත් වීමට සහ වැඩ කිරීමට ද අවස්ථාව ලබාදී තිබෙනවා.
ලාභදායි රැකියාවක්, ඉහළ පෙළේ අධ්‍යාපනයක් සහ වඩා විවේකී ජීවන රටාවක් පිළිබඳ අපේක්ෂාවෙන් ඉන්දියානුවන් වැඩි සංඛ්‍යාවක් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.