‘ජනාධිපතිවරණ දිනය ප්‍රකාශ කරන එක අපේ වැඩක්’ තැන තැන ජනාධිපතිවරණ දිනය ගැන කියන දේශපාලනඥයන්ට මැතිවරණ කොමිසම අනතුරු අඟවයි

ඇතැම් දේශපාලනඥයන් ජනාධිපතිවරණයේ ඡන්ද විමසීමේ දිනය ප්‍රකාශයට පත්කිරීමේ පසුබිමක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව එම බලය මැතිවරණ කොමිසම සතු බවත් එම නිසා අනෙක් අය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටිය යුතු බවත් මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එල්.ඒ.එම්. රත්නායක මහතා පවසනවා.

මෑතකදී, ජාතික ජන බලවේගයේ (NPP) නායක අනුර කුමාර දිසානායක, සැප්තැම්බර් 28 හෝ ඔක්තෝබර් 5 යන දිනවල ඡන්දය පවත්වන බව පැවසූ අතර, විදේශගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලංකාවට පැමිණීමට ගුවන් ටිකට්පත් වෙන් කර ගන්නා ලෙස ඉල්ලා සිටියා.

ඊට අමතරව ඔක්තෝබර් 5 වැනිදා ඡන්ද විමසීම පැවැත්වෙන බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ද පසු ගිය දා ගාල්ල ප්‍රදේශයේ දී පවසා තිබුණා.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු දෙමින් රත්නායක මහතා කියා සිටියේ කොමිෂන් සභාවට එය තීරණය කිරීමට ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අනුව පමණක් බවයි.

ජනාධිපතිවරණයට අදාළ ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට ජූලි 17 වැනිදායින් පසු කොමිසමට බලය ලැබෙන බවත් සැප්තැම්බර් 17 සහ ඔක්තෝබර් 17 අතර ඕනෑම දිනයක ඡන්ද විමසීම පැවැත්විය හැකි බවත් ඔහු සඳහන් කළා.

එය සතියේ දිනක් හෝ සති අන්තයේ විය හැකි බවත් දේශපාලනඥයන්ට දිනය තීරණය කිරීමට කිසිදු බලයක් නොමැති බව ඒ මහතා වැඩිදුරටත් පවසා තිබෙනවා.

මීට පෙර ඔහු නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන සහ 1981 අංක 5 දරණ ජනාධිපති මැතිවරණ පනත ප්‍රකාරව නියමිත කාලසීමාව තුළ කොමිසම විසින් ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා කැඳවන බවයි.

ප්‍රධාන පක්‍ෂ මැතිවරණයකට සූදානම් වෙනවා. සමහර පක්‍ෂ තම අපේක්‍ෂකයන්ට සහය දැක්වීම සඳහා සන්ධාන ගත වීමේ අපේක්ෂාවෙන් සිටිනවා.

ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක මහතා සහ සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස මහතා පමණක් මේ වන විට ජනාධිපතිවරණය ඉදිරිපත් වන බව නික වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා.

Latest News

More like this

අනුර Newsweek හරහා ජ්‍යාත්‍යන්තරයට ගහපු ගල..

'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් පැවතුණු නොසන්සුන්කාරී සහ කැළඹුණු වාතාවරණය...

පොළොන්නරුවට අලුත් රජෙක් පහළ වේ..

ජාතික ජන බලයේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා නිවාස...

චන්ද්‍රිකාගේ රු කෝටි 25ක පරිත්‍යාගය විමුක්ති දේශපාලනයට ගෙන ඒමේ මෙහෙයුමේ පළමු වෙඩිමුරයයි

හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිනිය ආපදාවෙන් විපතට පත්...

ශ්‍රී ලංකාව අපගේ පාලනයෙන් තොර අර්බුදයකට.. ජනපති Newsweek සඟරාවට අනාවරණය කරයි

ණය අර්බුදයකින් සහ දේශපාලන කැලඹීමකින් නැවත ගොඩනැගීමට උත්සාහ කරන...