අද පුරුෂ ලිංගයක් ඩොලර් 4000 යි – සංක්‍රාන්තික ලිංගිකයන්ට එරෙහිව පාර්ලිමේන්තුවේ දී විමල්ගෙන් ද්වේශ සහගත ප්‍රකාශයක්

කාන්තා සවිබල ගැන්වීම කාන්තාවන්ට සීමා විය යුතු බවත් ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සමානාත්මතා පනත් කෙටුම්පතට සංක්‍රන්තික ලිංගික ප්‍රජාව සූක්ෂම ලෙස ඇතුළත් කර තිබීම බරපතල තත්ත්වයක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසනවා.

ජීව විද්‍යාත්මක කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන මුවාවෙන් මෙම පනත යටතේ සංකාන්තික ලිංගිකයන් ආරක්ෂා කරන නීති සම්මත කර ගැනීමට උත්සහ කිරීමක් සිදුවන බවත් එම උත්සහයට සිය විරෝධය එල්ල කරන බව වීරවංශ මහතා සඳහන් කළා.

මෙම පනත ඔස්සේ දරුවන් සංක්‍රාන්තික ලිංගිකයන් වෙත පරිවර්තනය කරන බටහිර ඖෂධ සමාගම්වල අවශ්‍යතාව ඉටු කරන බවයි ඔහු පවසන්නේ.

ඔහු මේ බව ප්‍රකාශ කළේ රීති ප්‍රශ්ණයක් මතු කරමින් ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සමානත්මතා පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ධිකරණය ලබා දුන් තීන්දුව විකෘති සහගත බවත් එම තීන්දුව නැවත සලකා බැලීම සඳහා තේරීම් කමිටුවක් පත් කළ යුතු බවත් අද (18) පාර්ලිමේන්තුවේ දී ජනාධිපතිවරයා ප්‍රකාශ කිරීමත් සමඟයි.

ඔහු වැඩිදුරටත් මෙසේ සඳහන් කර සිටියා.

“යම් හෝමෝන ප්‍රශ්ණයක් තියෙන සංක්‍රාන්තික ලිංගිකයන් දෙස අපි මානුෂිකව බලන්න ඕන. ඒ අය පිළිබඳව සාධාරණව බලන්න ඕන. ඒකේ විවාදයක් නෑ. හැබැයි කාන්තාවන් සවිබල ගැන්වීම ඇතුළට මේක දැම්මේ ඇයි?

අනික ඔබතුමාට කියන්න බෑ ඒ අය කාන්තාවන් කියලා. හොඳම උදාහරණය සංක්‍රාන්තික ලිංගික ලියා තෝමස් ගේ සිද්ධිය. ලියා තෝමස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ කාන්තා අංශය සඳහා තරග කරන්න ආවා. ඔලිම්පික් කමිටුව ප්‍රතික්ෂේප කළා. ඒ කියන්නේ ජීව විද්‍යාත්මක කාන්තාවකට හැර පසු කාලීනව විවිධ හෝමෝන හේතු මත සංක්‍රාන්ති ඇති වුණු අයට එහෙම වෙන්න බෑ කියලා. ඔලිම්පික් කියන්නේ මානව හිමිකම් උල්ලංඝනය කරන කමිටුවක් ද?

දැන් මෙතන කරලා තියෙන්නේ ජීව විද්‍යාත්මක කාන්තාව සවිබල ගැන්වීම හරි. ජීව විද්‍යාත්මක කාන්තාව සවිබල ගැන්විමේ මුවාවෙන් විශාල ජාවාරමක් තියෙනවා දැන් ලොකේ. සමහර බටහිර රටවල් තියෙනවා.

ප්‍රාථමික වයසේ දරුවන්ගෙන් අහනවා දෙමව්පියන්ගේ අවසරයකින් තොරව ලිංග විපර්යාස කරගන්න කැමති ද කියලා. හොඳට ඉන්න කොලු පැටියව ගෑනු දරුවෙක් කරන්න. පුරුෂ ලිංගයක් ඩොලර් 4000 යි. ඒ ඔපරේෂන් විශාල මිලයි. ඒව කරගත්තු හම කෙනෙක්ටම ජීවිත කාලෙටම බෙහෙත් ගන්න තියෙනවා. බටහිර ඖෂධ සමගම්වල ඕන කම් මේක අස්සට රිංගලා තියෙනවා. සංක්‍රාන්තික කාන්තාවන් ජීව විද්‍යාත්මක කාන්තාවගේ ඝණයට වැටෙන්නේ නෑ. එහෙම නම් ඔලිම්පික් කමිටුව අර කිව්ව ක්‍රීඩකයට තරග කරන්න ඉඩ දෙන්න ඕන.”

Latest News

More like this

අමෙරිකාව ශ්‍රී ලංකාවේ භාණ්ඩ සඳහා තීරුබදු ‘සීරෝ’ කිරීමට සැරසෙයි

ශ‍්‍රී ලංකාවෙන් ඇමෙරිකාවට අපනයනය කරන භාණ්ඩ වර්ග 1161කින් 42ක්...

භික්ෂූන් වහන්සේලාගේ අබිරහස් ජීවිත බ්ලැක්මේල් කර තායිලන්තයේ නිර්මල බුදුදහම අර්බුදයට යැවූ කාන්තාව

ජ්‍යෙෂ්ඨ නායක බෞද්ධ භික්ෂූන් වහන්සේලා පොළඹවාගනිමින් ඔවුන්ගේ සමීප තොරතුරු...

ඉරාකයේ සාප්පු සංකීර්ණයක් ගිනිගෙන ජීවිත් 60ක් අළුවෙයි

නැගෙනහිර ඉරාකයේ අල්-කුට් නගරයේ සාප්පු සංකීර්ණයක ඇති වූ දැවැන්ත...

ගාසා හි එක් දිනක් තුළ ළමුන් 10 දෙනෙකුට දෙපා අහිමි වේ

ඊශ්‍රායලයේ අඛණ්ඩ ප්‍රහාර හේතුවෙන් අවම වශයෙන් පලස්තීන දරුවන් 10...
error: Content is protected !!