දිනක්ෂියි සාරංගයි Take Care ඩ්‍රාමා එකෙන් සිගරට් කම්පැණියකට විකිණිලා ද? සිගරට් පානයේ ආදීනව ගැන දිනක්ෂි කියන වීඩියෝවකින් ඇත්ත එළියට එයි

මේ දිනවල ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වන ‘Take Care’ නාට්‍යය නිසා දිනක්ෂි ප්‍රියසාද්ට ලැබෙන්නේ නොහිතන විදියේ ප්‍රතිචාර. ඇගලුම් ආයතනයක සේවිකාවක් ලෙස හා තමා වැඩ කරන ආයතනයේ ඉහළ තනතුරක් දරන පුද්ගලයකු සමඟ ඇය ඇති කර ගන්නා අනියම් සබඳතාවක් මෙම නාට්‍යයේ තේමාව වී තිබෙනවා.

එහි ඇතැම් දර්ශන සහ සෙක්ස් ඉස්මතු කර දැක්වීම ගැන විවිධ ප්‍රතිචාර, විවේචන ලැබෙමින් තියෙන අතරම එහි පසුගිය දා විකාශය වූ කොටසක දිනක්ෂි සහ සාරංග සිගරට් පානය කිරීමේ දර්ශනයක් ද නාට්‍යයේ තේමාවට අදාළ නැති බවට විවේචන එල්ල වුණා.

බොහෝ දෙනෙකු ඊට විවේචන එල්ල කරමින් පැවසුවේ දිනක්ෂි සහ සාරංග සිගරට් සමාගමක අවශ්‍යතාවක් ඉටු කරන බවයි.

මෙහි ඇති හොඳම කාරණය වන්නේ සිගරට් සමාගම් ජනප්‍රිය නළු නිළියන් සහ අධ්‍යක්ෂවරුන් යොදාගෙන දුම්පානය ප්‍රචාරය කරන බව මීට වසර ගණනාවකට පෙර දිනක්ෂි ප්‍රියසාද් විසින් සිදු කරනු ලබන වීඩියෝවක් ද මේ වන විට යූ ටුයුබ් හි මතු වී තිබීමයි.

ඇය එම වීඩියෝවෙන් සෘජුවම සිගරට් සමාගම්වලට චෝදනා කරන්නේ ඔවුන් නළු නිළියන් සහ අධ්‍යක්ෂවරු සිගරට් ප්‍රචාරණය සඳහා මිලට ගන්නා බව පවසමිනි.

‘Take Care’ ඇගේ සැමියා වන සාරංග දිසාසේකරගේ නිෂ්පාදනයක් වන අතර ඒ අනුව ඔවුන් මෙම නාට්‍යය ඔස්සේ සිගරට් බොන ජවනිකා ප්‍රදර්ශනය කරන්නේ යම් කිසි සිගරට් සමාගමක උවමනාවක් ඉටු කිරීමට ද යන ප්‍රබල සැකයක් මතුව තිබෙනවා.

වසර ගණනාවකට පෙර දිනක්ෂි දුම්පානය පිළිබඳ දක්වා තිබුණේ මෙවැනි අදහසක්.

“ඇත්තම කිව්වොත් මට නම් හිතාගන්න බෑ මේ මිනිස්සු තාමත් සිගරට් බොන්නේ ඇයි කියලා. ගඳ ගහලා කැත වෙන දෙයක් මිනිස්සු සල්ලි දීලත් බොන හැටි දැක්කම පුදුම හිතෙනවා. ඒක නිසා මේ ඇත්ත වහලා බොරුව මවාපාන්න සිගරට් විකුණන සමාගම්වලට සිද්ධ වෙලා. මේකට මේගොල්ලො හැම ක්ෂේත්‍රයකම ඉන්න නළු නිළියන් අධ්‍යක්ෂවරු ඇතුළු බොහෝ දෙනා බිලී බාගන්න මේ සිගරට් සමාගම් නොගන්න උත්සාහයක් නෑ”

Stop Smoking Dinakshi Priyasad

Latest News

More like this

මට ගහන්නේ පක්ෂ අරමුදල දීපියව් කිව්ව නිසා… සමන්ත භද්‍ර හිමි

ජාතික ජන බලවේගයට හිතවාදී යූ ටියුබ් කරුවන් ඇතුළු සමාජ...

උඹත් කොල්ලෙක් මාත් කොල්ලෙක්.. නාමල් සුමති සම්මානයට නිර්දේශ කළ යුතුය.

මල්ලි පොඩ්ඩක් අහගෙන හිටපන්කෝ මාත් කියන දේත්. ඔය ප්‍රශ්නෙ මම...

ලොවම ආදරය කරන ස්ම්‍රිති මන්දානා විවාහය අවලංගු කරයි

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ තරුවක් වන ස්ම්‍රිති මන්දානා ඇගේ...