මුද්දර ගාස්තුව ඩබල් වේ

දැනට රුපියල් 50ක්ව පවතින අවම තැපැල් මුද්දර ගාස්තුව රුපියල් 100ක් දක්වා වැඩි කිරීමට යෝජනා කර ඇතැයි වාර්තා වෙනවා.

මෙම යෝජනාව පිළිබඳ අදහස් දක්වමින් ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනූෂ පැල්පිට මහතා පවසන්නේ තැපැල් දෙපාර්තමේන්තුව වාර්ෂිකව පාඩු ලබමින් පවතින ආයතනයක් බවත් එම පාඩු පියවා අවම තැපැල් ගෑස්තුව මෙසේ වැඩි කිරීමට සිදු වූ බවයි.

වාර්ෂිකව තැපැල් දෙපාර්තමේන්තුව ලබන පාඩුව රුපියල් කෝටි 700ක්.

ඒ අනුව එම පාඩුව පියවා ගැනීම සඳහා මෙලෙස තැපැල් මුද්දර ගාස්තු වැඩි කිරීමට අවසර ඉල්ලා ඇති බවත් ලේකම්වරයා සඳහන් කර තිබෙනවා.

Latest News

More like this

යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 1.8ක පරිත්‍යාගයක්

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක හදිසි මානුෂීය...

Google Map හි ශ්‍රී ලංකාවේ මාර්ග යාවත්කාලීන කරයි

Google Map හි A හා B මාර්ග සිතියම් යාවත්කාලීන...

Rebuilding Sri Lanka අරමුදලට ලැබුණ ආධාර රු බිලියන 1.8 පනී

'දිට්වා' සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු රට නැවත...

සහන මුදල් සතපහක් ආපසු හරවා එවන්න එපා.. ජනපති අනුරගෙන් උපදෙස්

ආපදාවට ලක් වූ ස්ථානවල යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් මෙම...