සමලිංගිකත්වයට එරෙහි නීතියට, නව යෝජනාවක්

ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 365 වගන්තිය යටතේ “ස්වභාවධර්මයේ පිළිවෙලට පටහැනි කායික සංසර්ගය” අපරාධයක් ලෙස සලකන අතර වසර දහයක් දක්වා සිරදඬුවමක් නියම කළ හැකිය.

මෙම නීතිය වර්ෂ 1883 තරම් ඈතට විහිදේ. එමගින් සමලිංගික සංසර්ගය අපරාධයක් බවට පත් කළ හැකිය. එය පුද්ගලයන්ගේ ලිංගික නැඹුරුවට එරෙහි නීතියක් ලෙස සැලකේ.

රජය විසින් මෙම නීතිය සංශෝධනය කිරීම සඳහා සංශෝධන පනත් කෙටුම්පතක් ගැසට් මගින් පළකර තිබේ. එම සංශෝධනය ගෙන ඒමට මුල් වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොළවත්ත ගේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවකි. ඒ අනුව, සංශෝධනය සිදුවන්නේ පහත දැක්වෙන පරිදිය.

365 වගන්තියෙහි සඳහන් වන පරිදි ‘ස්වභාවධර්මයේ පිළිවෙලට පටහැනිව ඕනෑම පිරිමියෙකු, ස්ත්‍රියක හෝ සතෙකු සමඟ ස්වකැමැත්තෙන් කායික සංසර්ගයේ යෙදෙන්නේ නම්, ඔහුට වසර දහයක් දක්වා දීර්ඝ කළ හැකි සිරදඬුවම් නියම කළ හැකි අතර දඩයකට ද යටත් කළ හැකිය.’

නව සංශෝධනය මගින් මෙම වගන්තියේ ‘පිරිමියෙකු, ස්ත්‍රියක’ යන කොටස් ඉවත් කර තිබේ. ඒ අනුව, එම වගන්තිය වෙනස් වන්නේ ‘ස්වභාවධර්මයේ පිළිවෙලට පටහැනිව සතෙකු සමඟ ස්වකැමැත්තෙන් කායික සංසර්ගයේ යෙදෙන්නේ නම්, ඔහුට වසර දහයක් දක්වා දීර්ඝ කළ හැකි සිරදඬුවම් නියම කළ හැකි අතර දඩයකට ද යටත් කළ හැකිය’ යනුවෙනි.

නව සංශෝධනය අනුව 365 අ වගන්තිය ඉවත් කරනු ලැබේ.

දණ්ඩ නීති සංග්‍රහයේ 365, 365 අ වගන්ති යටතේ අස්වාභාවික සංසර්ගය යන පදනමින් සමලිංගික, ද්විලිංගික, සංක්‍රාන්ති ලිංගික, අන්තර් ලිංගික සහ ලිංගිකත්වය ප්‍රශ්න කරන ප්‍රජාවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ හැකි විය.

– praja

Latest News

More like this

පෙම්වතා බේරාගැනීමට ගොස් වියානා ඇළට බිලි වූ සරසවි සිසුවිය

ජීවිතය තණ අග පිනි බිඳුවක් යැයි හොඳින්ම දැන සිටියද...

ඩඩ්ලිගේ හෝටලය අයින් කරනවද කියලා බලාගෙන ඉමු.. චරිත්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අමාත්‍ය ධුරය දරණ වකවානුවේ...

රුසියාවේ WhatsApp තහනමක්.. ඒ වෙනුවට Max ආදේශ කරයි..

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විදේශීය පණිවිඩ යෙදුම් සහ මෘදුකාංග...

නිලන්ත ජයවර්ධනට මරණ දඬුවම දිය යුතුයි.. කතෝලික සභාව දැඩි මතයක

පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර ලැබුණු බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් කඩිනම්...
error: Content is protected !!