තෙල් බෙදාහැරීම හමුදාව යටතට.. තෙල් බෙදීම අරඹයි.. වර්ජකයන් දොට්ට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කොළොන්නාව නිමාවෙන් අද (28) රාත්‍රීයේ හමුදා සහ පොලිස් ආරක්ෂාව සහිතව ඉන්ධන බවුසර් මුදා හැරීමට පියවර ගත් බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

කොළොන්නාව නිමාවෙන් පිටත් වන සෑම ඉන්ධන බවුසරයක් සඳහාම මෙලෙස යුද හමුදාවේ ආරක්ෂාව ලබා දී ඇත.

විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේ ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුකිරීම සඳහා ආරක්ෂක අංශවල සහාය මේ වන විට ලැබී ඇති බවයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා ඉල්ලා සිටියේ ඉන්ධන හිඟයක් සම්බන්ධයෙන් ජනතාවට කලබල නොවන ලෙසය.

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සහ එහි ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්තයේ සේවකයින් ඇරඹු වැඩවර්ජනයක් හේතුවෙන් ඉන්ධන සැපයුමට යම් බාධා ඇතිවුවද එය මේ වනවිට යථාතත්ත්වයට පත්ව ඇත.

එමෙන්ම අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ඉන්ධන සංචිත ප්‍රමාණවත් තරම් රටතුළ පවතින බවයි.

මේ අතර කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක අද (28) පස්වරුවේ ඇතැම් ඉන්ධන පිරිවුම්හල්වල කෙටි පෝලිම් ද දක්නට ලැබුණි.

Latest News

More like this

බදුල්ලේ වයස අවුරුදු 15ක දරුවෙක්ට ඒඩ්ස්

බදුල්ල දිස්ත්‍රික්කයේ වසය අවුරුදු 15ක දරුවකුට HIV ආසාදනය වී...

රජයේ මාධ්‍ය ප්‍රතිපත්තිය මාස තුනක් තුළ එළිදැක්වෙනවා… ඇමති නලින්ද

රජය විසින් ඉදිරිපත් කිරීමට නියමිත මාධ්‍ය ප්‍රතිපත්තිය ඉදිරි මාස...

වාහන ආනයනය හා විදෙස් සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැහැ… ඇමති නලින්ද ජයතිස්ස

වාහන ආනයනය සහ විදේශ සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැති...

ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ට්‍රම්ප් නොබෙල් සාම ත්‍යාගයට නම් කළේ ඇයි?

ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපද ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු...
error: Content is protected !!