සුපිරි ක්‍රිකට් තරු අභිබවා ඉන්දියාවේ ජනප්‍රියම ක්‍රිකට් තරුවට හිමි සම්මානය මතීෂට

ඉන්දියාවේ Behindwoods Gold Icon සම්මාන උළෙලේ 2024 වසරේ වඩාත් ජනප්‍රිය ක්‍රීඩා තරුවට හිමි රන් සම්මානය ශ්‍රී ලංකාවේ යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණට හිමිව තිබෙනවා.

මතීෂ පතිරණ, ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයෙකු වන අතර, මෙම වසරේදී මෙන්ම පසුගිය 2023 වසරේ පැවැති IPL තරගාවලියේදී සමස්ත ඉන්දියාවේම ආකර්ෂණය දිනා ගනු ලැබුවා.

Behindwoods Gold Icon සම්මාන උළෙල දකුණු ඉන්දියාවේ වඩාත් ජනප්‍රිය සම්මාන උළෙලක් වන අතර එහිදී සිනමාව, ක්‍රීඩා ඇතුළු විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සම්මාන ප්‍රධානය කරනු ලබයි.

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන් මෙන්ම කොදෙව් ක්‍රීඩක ඩ්වෙන් බ්‍රාවෝ වැනි විදෙස් ක්‍රිකට් තරුද මීට පෙර මෙම සම්මාන උළෙලේ දී ජනප්‍රිය ක්‍රීඩා තරුවට හිමි සම්මානය දිනා ගැනීමට සමත් වුණා.

ඉන්දීය තෙලිඟු සිනමාවේ ජනප්‍රිය තරු දෙපළක් වන රෂ්මිකා මන්දනා හා විජේ දේවරකොන්ඩා රංගනයෙන් දායක වූ ගීතා ගෝවින්දම් සිනමා පටයේ ආකර්ෂණිය කොටසක් රංගනයෙන් වේදිකා ගතකළ අවස්තාව සමාජ මාධ්‍ය වේදිකාවන් තුළ මිලියන ගණනින් ජනප්‍රිය වූයේද මෙම සම්මාන උළෙලේදීය.

Latest News

More like this

මාටින් ගප්ටිල් ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

නවසීලන්තයේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන්...

ජයසූරියගේ ධුරකාලය දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු...

T20 ලෝක කුසලානෙට යන ශ්‍රී ලංකා කෙල්ලෝ සෙට් එක..

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ICC කාන්තා T20 ලෝක...

දුලිප් සමරවීරට වසර 20 කට ක්‍රිකට් තහනම්

ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් පුහුණුකරුවෙක් ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා හිටපු...
error: Content is protected !!