මූදු රස්සාවට ගිය ගැහැණියක් ගැන අහලවත් තිබුණේ නැති ලංකාවෙන්” මගී නෞකාවල පිරිමි කරන රස්සාවට ගිය පළමු නිර්භීත කෙල්ල”

සාමන්‍යයෙන් එදා මෙදා තුර අපේ ඉතිහාසයේ මුහුදු රස්සාවට ගිය ගැහැණියක පිළිබඳ වාර්තා වී නැති තරම්ය.

දැවැන්ත මගී ප්‍රවාහන නෞකාවක නැගී ලෝකේ වටේ රවුම් ගහන්න ගිය කපිතාන්වරියක හෝ නාවික නිලධාරිනියක් ගැන නම් අපි කොහෙත්ම අසා නැහැ.

නමුත් අද ගැහැණියක යා නොහැකි ඉසව් ලෙස සම්ප්‍රාදියකවම ලියවී තිබුණත් ගැහැණියකට තරණය කළ නොහැකි තැනක් මේ ලෝකයේ නැති බව තහවුරු කිරීමට ලාංකික තරුණියක් සමත් වි තිබෙනවා.

මගී ප්‍රවාහන නෞකාවක් සඳහා ශ්‍රී ලංකාවෙන් සුදුසුකම් ලැබූ පළමු නාවික කත බවට පත් වෙමින් සුළු පටු නොවන එම අභියෝගය ජය ගෙන ඇත්තේ නයෝමි අමරසිංහ නම් ලාංකික දිරිය දියණියයි.

ඇය මගී ප්‍රවාහන නෞකාවක සේවය වෙනුවෙන් ‘ශ්‍රී ලංකාවෙන් සුදුසුකම් ලැබූ පළමු නාවික කත’ බව පවසන ජ්‍යාත්‍යන්තර කම්කරු සංවිධානය ඇය පිළිබඳ අගැයීම් සටහනක් තබමින් ‘ශ්‍රී ලංකාවේ නාවික ක්ෂේත්‍රයේ ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ බාධක බිඳ දැමූ කාන්තාව’ ලෙස ඇය නිර්වචනය කර තිබෙනවා.tpx

ඇය මෙම සුවිශේෂී දුර්ලභ අවස්ථාවට හිමිකම් ලැබුවේ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) පුහුණු පාඨමාලාවක් හැදෑරීමෙන් අනතුරුවයි.

මුලදී මාධ්‍යවේදියෙකු වීමට අපේක්ෂාවෙන් සිටි ඇය රැකියාවක් සොයා ගැනීමට වෙහෙස වූ අතර මුහුදු ගමන් සොයා ගැනීමට පෙර විවිධ රැකියා කිරීමට උත්සාහ කළා.

පවුලේ විරෝධය සහ කර්මාන්තය පිළිබඳ සැක සංකා නොතකා, අමරසිංහ මහපොළ වරාය සහ සමුද්‍ර විද්‍යාපීඨයේ සිය පුහුණුව අවසන් කළේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ බාධක සියල්ල ජයගනිමිනි.

ඇයගේ ඉලක්කය වන්නේ පිරිමි ආධිපත්‍යය දරන ක්ෂේත්‍රයක ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ බාධක බිඳ දමමින් නිලධාරිනියක වී අවසානයේ මුහුදු කපිතාන්වරියක වීමයි.

“මගේ අම්මා මේකට මුලින් කැමති වුණේ නෑ. මගේ අයියාත් නාවික හමුදාවේ හිටියේ. එයත් නැවක වැඩ කරලා තියෙනවා. එයා නම් කැමති වුණා. ඒත් කෙල්ලෙකුට මේ රස්සාව හරියන්නෙ නෑ කියලා අම්මා විරුද්ධ වුණා. ඒත් මම දැන් ඉන්න තැන ගැන හිතලා අම්මා ගොඩක් සතුටු වෙනවා,” නයෝමි පවසා තිබෙනවා.

“ලංකාවේ කාන්තා කැඩෙට්ලා කිහිප දෙනෙක් ම ඉන්නවා. ඒත් රේටිංස් කියල කියන මගී ප්‍රවාහන නෞකාවලට කාන්තාවො ගන්නෙ ගොඩක් අඩුවෙන්. ඒවාට ගන්නෙ ගොඩක් වෙලාවට පිරිමි විතර යි. මොක ද සීෆෙයාරර් කෙනෙකුට කරන්න තියෙන වැඩ කොටස ගොඩක් අමාරු යි. ඒ වගේ ම වගකීම වැඩි යි. ඒ නිසා මට ලොකු අභියෝගයක් වුණා මේක ඉගෙන ගන්න එක. ඒත් මම කොහොම හරි ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ උපකාරයෙන් ඒ අභියෝගය ජය ගත්තා.”

“කෝස් එක ඉවර වුණා ම මර්ක් මැරීන් එකෙන් තමයි මට අයිඩා කියන නැවේ රස්සාව හොයලා දුන්නේ. මගේ මුල් ම කන්ට්‍රැක්ට් එක යුරෝපයට විතරයි තිබුණේ. දෙවෙනි කන්ට්‍රැක්ට් එක වර්ල්ඩ් කෲස් එකක්. ඒක මාස 4ක් තිබුණා. ඒකෙදි ඔස්ට්‍රේලියාව, දකුණු ඇමෙරිකාව, දකුණු අප්‍රිකාව කියන රටවල්වලට ගියා.”

වයස අවුරුදු 30ක පසු වන නයෝමි අමරසිරි ගාල්ලේ උපත ලබා, උසස් පෙළ විභාගයට පෙනී සිටි ගාල්ල ශ්‍රී හෘදය කන්‍යාරාමයේ ආදි සිසුවියක්.

රැකියාවේ ඇයගේ වගකීමත් හිතන තරම් සුළු පටු එකක් නෙවෙයි.එය ඇත්තටම කාන්තාවකට කරන්න හිතන්නත් අමාරුයි.

“මූලිකව මට කරන්න තියෙන්නේ මුළු නැව ම ග්‍රීස් කරන එක. පැති ගේට්ටු තියෙනවා. ලයිෆ් බෝට් තියෙනවා. ඇන්කර් සිස්ටම් එක දේවල් ග්‍රීස් කරන එක තමයි මගේ ප්‍රධාන කාර්යය. භාණ්ඩ මට සහයකයෙක් ලැබෙනවා. ඊට අමතරව, මම පයිලට් එම්බාර්ක් කරන එක භාරව ඉන්නවා. අපි වරායට යන්න කලින් නැවට පයිලට් කෙනෙක් නගිනවා. මොක ද, සමහර වෙලාවට අපි කැනල් දිගේ යනකොට අපේ කැප්ටන්ට තනියම බැහැ. වගකීම වැඩියි. ඒ නිසා පැය බාගෙකට කලින් පයිලට් කෙනෙක් එනවා.එතකොට අපි පැති ගේට්ටු ඇරලා පයිලට් ලැඩර් එක දාලා පයිලට්ව නැවට නග්ග ගත්තාට පස්සෙ පැති ගේට්ටු වහනවා. වරායට ගියාට පස්සෙ එයාව ආරක්ෂිතව බස්සන්නත් ඕන අපි. ඊට අමතරව, මගීන්ට එළියට යන්න අපි ගැංවේ (නැව සහ වරාය අතර මගීන්ට ගමන් කිරීමට යොදන පාලම) සූදානම් කරන්න ඕන. මේක මගී නැවක් නිසා ගැංවේ තුනක් දානවා. තව පින්තාරු කිරීම වගේ දේවලුත් කරනවා. මේ හැම වැඩකදී ම ප්‍රවේශම අතිශයින් වැදගත්.”

ඇත්තටම නාවික කාන්තාවක් වෙන්න මොකක් ද කරන්න ඕන?නාවික රස්සාවට ගිහින් ලෝකෙ වටේ යන්න ආස හිතෙන තරුණියන් පරම්පරාවක් ඉස්සරහට හැදෙයි.ඇය ඔවුන්ට මඟ පෙන්වා තිබුණේ මෙහෙම.

“ලංකාවේ තියෙනවා මැරිටයිම් ඇකඩමි කියන ආයතන. රේටිං අංශයෙන් යන්න නම් උසස් පෙළ ප්‍රතිඵල බලනවා. සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි විෂයට සම්මාන සාමාර්ථයක් බලාපොරොත්තු වෙනවා. ලංකාවේ මහපොළ, මර්ක් මැරීන්, සාගර විශ්වවිද්‍යාලය වගේ ගොඩක් ආයතන තියෙනවා. ඒ ආයතනවල පාඨමාලා පටන් ගන්න කලින් පුවත්පත් දැන්වීම් පළ කරනවා. ඒ වෙලාවට ඒකට ඉල්ලුම් පත්‍රයක් දාන්න පුළුවන්. ඊට පස්සෙ සම්මුඛ පරීක්ෂණයක් තියලා තෝර ගන්නවා. ඊට පස්සේ මාස 6ක පුහුණුවක් දෙනවා. ඊට පස්සෙ සහතික ඔක්කොම ගත්තා ම ලයිසන් එක ඉල්ලන්න පුළුවන්. ඒක නැතුව නැවක යන්න බැහැ.”

BBC සිංහල හි පළවූ විශේෂාංගයක් ඇසුරින් සංස්කරණය කරන ලද්දකි.

Latest News

More like this

අරගලයේ ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා මන්ත්‍රීවරු ලබාගත් වන්දි ආපසු ලබා ගැනීමේ නඩුවට දින නියම වේ

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයෙන් පහ කිරීම සඳහා...

ඇමරිකන් බද්ද අඩු කරගන්න ආණ්ඩුවට රනිල්ගෙන් තුරුම්පුවක්..

රී ලංකාවේ අපනයන සඳහා දැනට පනවා ඇති සියයට 30...

අමෙරිකාව ශ්‍රී ලංකාවේ භාණ්ඩ සඳහා තීරුබදු ‘සීරෝ’ කිරීමට සැරසෙයි

ශ‍්‍රී ලංකාවෙන් ඇමෙරිකාවට අපනයනය කරන භාණ්ඩ වර්ග 1161කින් 42ක්...

භික්ෂූන් වහන්සේලාගේ අබිරහස් ජීවිත බ්ලැක්මේල් කර තායිලන්තයේ නිර්මල බුදුදහම අර්බුදයට යැවූ කාන්තාව

ජ්‍යෙෂ්ඨ නායක බෞද්ධ භික්ෂූන් වහන්සේලා පොළඹවාගනිමින් ඔවුන්ගේ සමීප තොරතුරු...
error: Content is protected !!