පොහොට්ටුවෙන් කවුරු ගියත් ඡන්ද ගෙනියන්න බෑ..

මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමා හැර කවුරු පක්‍ෂය හැර ගියත් ඔවුන්ට ඡන්ද රැගෙන යා නොහැකි බව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (31) ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 92 ක් පක්‍ෂයේ තීරණයට විරුද්ධ වී නොමැති බවත් එම පිරිසේ සමහරුන් මෙහෙත් සිටිමින් රඟපෑමක් කරන බවත් ප්‍රනාන්දු මහතා පවසා සිටියා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹදී ජනමාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමිනි.

රනිල් වික්‍රමසිංහ මහතා ළගට ගොස් සිටින අයත් මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ පිංතුරය ගහගෙන පාර්ලිමේන්තුවට ආපු අය බව කී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඔවුන් ගමට ගොස් මහින්ද මහත්තයා අගමැති කරන්න ප්‍රාදේශීය සභා අපේක්‍ෂකයන්ට ඡන්දය දෙන්න කියපු අය බව ද සඳහන් කළා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්ද පදනම මහින්ද රාජපක්‍ෂ මැතිතුමා මත තිබීම නිසා ජනතාව පක්‍ෂය හැර නොයන බවත් ගිය අය ඡන්ද 200 ක්, 500 ක් හෝ 1000 ක් ගෙනියනු ඇති බවත් ඒ මහතා පවසනවා.

කවුරු ගියත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නොවැටෙන බවත් ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරු තුනක් තියාගෙන රටක් කළඹන බවත් ඔහු කියා සිටියා.

අරගලයට ගිය ප්‍රේමදාස මහත්තයව ගහලා එලවද්දී ආෂු කියන ආකාරයට කූඩාරම් 17 ක් ගහපු අරගලයේ පිරිස ඉල්ලූ රනිල් වික්‍රමසිංහ මහත්මයා ජනාධිපති කළ බවත් බදු අඩු කළ ජනාධිපතිව ගහලා එලවලා බදු වැඩි කරපු කෙනාව ඉල්ලූ බවත් ඔහු සඳහන් කළා.

පක්‍ෂය හැරදා ගිය පිරිස යෑමට හේතුව කුමක්ද යන්න ජනවතාව දන්නා බවත් පක්‍ෂය රනිල් වික්‍රමසිංහ මහතාට සහයොගය දෙන්න තීරණය කළේ නම් ඔවුන් සජබෙට යන බවත් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් කියා සිටියා.

එසේ වූයේ නම් නඩු බේරගන්න ගියේ යැයි පවසන බව කී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසුවේ අලුත් ඡන්ද ලක්‍ෂ 15 කට වැඩියෙන් ගතහැකි අපේක්‍ෂකයෙක් එම පක්‍ෂයෙන් ඉදිරිපත් කරන බවයි සඳහන් කළේ.

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...

මම ආණ්ඩුවට කරපු උදව්වලට මට ලැබුණ ගෝල්ඩ් මෙඩ්ල් එක තමයි මේ… ජගත් විතාන

"අපි පාර්ලිමේන්තුවෙන් ඉන්නේ එක සහෝදරත්වයකින්. අපි දෙන්නම චූදිතයෝ කියලා...
error: Content is protected !!