සජිත් නාමල් රහසේ හමුවෙලා.. කොහෙන්ද ඔය නිවුස් එක ආවේ කිරිඇල්ලත් පුදුම වෙලා අහයි

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා අතර රහසිගත හමුවක් සිදු වූ බවට පළවන වාර්තා සමගි ජන බලවේගය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අද (31)පැවති මාධ්‍ය හමුවක දී පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගෙන් කළ විමසීමක දී ඔහු එය ප්‍රතික්ෂේප කරමින් ඒ නිවුස් එක කොහෙන්ද ආවේ යැයි පෙරළා විමසා සිටියා.

“ගොසිප්වලත් හොඳ දේවල් තියෙනවා.ඒවත් හොඳයි හිනාවෙන්න.නැත්නම් කිසි විනෝදෙකුත් නෑනෙ මේකෙ” යැයි සිනහ වෙමින් ප්‍රකාශ කළා.

අවුරුදු ගාණක් තිස්සේ සජබය දෙකඩ තුනට කැඩෙන බව ප්‍රකාශ කළත් “අපේ පැත්තෙන් එක්කෙනෙක්වත් යන්නෙ නෑ.ඉර හඳ වගේ විශ්වාසයි”යනුවෙන් ද පැවසුවා.

Latest News

error: Content is protected !!