පරිනීති චොප්රාගේ දෑවැද්ද රු. 11 යි

ඉන්දීය නිළි පරිනීති චොප්රා සහ AAP නායක රාඝව් චාඩා සමඟ සැප්තැම්බර් 24 වන දින උදායිපූර්හිදී විවාහ වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

මෙය දින ගණනාවක සිට ඉන්දීය මාධ්‍යවල ප්‍රධාන සිරස්තලයක් බවට පත්ව තිබෙනවා. ඔවුන්ගේ විවාහ ඡායාරූපවල සිට පිළිගැනීමේ දිනය සහ ස්ථානය දක්වා සියල්ල මේවන විට ඉන්දීය මාධ්‍ය වාර්තා කරමින් ඉන්නවා.

වාර්තාවලට අනුව පරිනීති සහ රාඝව් ඔවුන්ගේ විවාහ අමුත්තන්ගෙන් කිසිදු තෑග්ගක් ලබාගෙන නැහැ.

හින්දු මංගල උත්සවවලදී, බොහෝ විට මනාලියගේ ඥාතීන් මනාලයාට සහ ඔහුගේ පවුලේ අයට තෑගි සහ මුදල් ලෙස ලබා දෙන මිල්නි ද රු. 11 ක් වැනි සුළු මුදලකට සීමා කර තිබුණු බව වාර්තා වෙනවා.

පසුගියදා ප්‍රියංකා චොප්රාගේ මව මධු චොප්රා ගුවන් තොටුපළේදී පැපරාසින්ට කොටු වූ අතර විවාහ මංගල්‍යය සහ පරිනීතිට දුන් තෑග්ග ගැන මධුගෙන් විමසූ විට මධු පවසා ඇත්තේ, “විවාහය නියමයි. ඔවුන් අපට කිසිවක් තෑගි නොකරන ලෙස ඉල්ලා සිටියා, තෑගි හුවමාරුවක් වුණේ නැහැ, ඔවුන්ට මගේ ආශීර්වාද ලබා දුන්නා”, යනුවෙනි.

පරිනීති මනාලියක ලෙස පෙනෙන්නේ කෙසේද යන්න පිළිබඳව වැඩිදුරටත් විමසූ විට මධු පවසා ඇත්තේ “ඇය ලස්සනයි, ඒ නිසා මනාලියක ලෙස ඇය තවත් ලස්සනයි” යනුවෙනි.

ප්‍රියංකා චොප්රා මැයි මාසයේදී දිල්ලියේ පැවති පරිනීති චොප්රාගේ විවාහ ගිවිස ගැනීමේ උත්සවයට සහභාගී වූ නමුත් ඉරිදා විවාහ උත්සවයට සහභාගී නොවු බව වාර්තා වෙනවා. ප්‍රියංකා ඇගේ ඥාති සොහොයුරියයි.

Parineeti Chopra-Raghav Chadha wedding

Latest News

More like this

වසර 15කට පසු අමීර් කරීනා සමඟ 3 Idiots-2 රූගත කෙරේ

2009 වසරේ දී ලෝකය පුරා ජනප්‍රිය වූ 3 Idiots...

සිනමා ඉතිහාසයේ ඉහළම ආදායම් ලැබූ වසර මේ වසරයි… ජනපතිගෙනුත් සහයෝගය….

සිනමාවේ ප්‍රගමනය රටේ පුරවැසියාගේ අධ්‍යාත්මික සංවර්ධනයට බලපාන බවත් එනයින්...