ජැක්සන්ට ඇහෙන්නෙ නෑ. වත්සලා, අකිල සජිතට ඇහෙනවද?

ජැක්සන් ඇන්තනි නම් කලාකරුවා සිහිසුන්ව ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඇඳක් මත දින පන්සියක් ගෙවා දැමූවේය. ඒ අතර කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන ලද දියණියක් දැඩි සත්කාර ඒකකයේ ඇඳක් හා හුස්ම පොදක් ගැනීමට වෙන්ටිලේටර් මැෂින් එකක් නොමැති වීම නිසා පැය හයක් වැනි සුළු කාල සීමාවක් ඇතුළත මිය ගිය බව වාර්තා වී තිබේ.

අධ්‍යක්ෂකවරයෙක්, නිෂ්පාදක‍යෙක්, රංගන ශිල්පියෙක්, ගායකයෙක්, තිර රචකයෙක්, රූපවාහිනී නිවේදක‍යෙක්, නවකතා රචකයෙක්, තීරු ලිපි රචකයෙක්, ගීත රචකයෙක් ඉතිහාසඥයෙක් සංචාරක‍යෙක් ලෙස ජැක්සන් යනු ඉතිහාසයේ ලියවිය යුතු මිනිසෙකි. තව බොහෝ කලක් ජීවත්ව සිටියා නම් හොඳයි කියා හිතෙන මිනිසෙකි. ජැක්සන්ගේ පවුලේ උදවියට පමණක් නොව සාහිත්‍යට කලාවට ආදරය කරන ඕනෑම කෙනෙක්ට හිතෙන විදිය ඒකය.

එහෙත් ඒ ඉතිහාසයෙන් කලාවෙන් සාහිත්‍යයෙන් වාර්තා තැබූ ජැක්සන් දැන් වාර්තා පොතට එක් වෙන්නේ වෙනස් විදියකටය. ICU දින 100 යි, ICU දින 200යි, ICU දින 500 යි ලෙස ජැක්සන් වාර්තා පිට වාර්තා තබමින් සිටියි. එය ලංකාවේ මෙන්ම ලෝකයේ ද වාර්තා අලුත් කරන්නක් විය හැකිය.

එක්සත් ජනපදයේ රෝහලකින් පිටවන තෙක් දීර්ඝතම දැඩි සත්කාර ඒකකයේ රැඳී සිටි පුද්ගලයා පිළිබඳ Google සෙවුම් යන්ත්‍රයෙන් පෙන්වන්නේ Barns-Jewish රෝහලේ ප්‍රතිකාර ලැබූ විල්සන් ගුත්‍රී නම් පුද්ගලයකු වන අතර ඔහුගේ ප්‍රතිකාර කාලය තුළ දින 263ක් ලෙස සඳහන් වේ.

2006 ඔක්තෝම්බර් 31 සිට 2007 ජූලි 21 දක්වා ගුත්‍රි එහි රැඳී සිටි බව පැවසෙයි.

61 හැවිරිදි ගුත්‍රි අවසන් අදියරේ හෘදයාබාධයකින් පෙළුණ අතර ඔහු පැමිණෙන විට වකුගඩු, අක්මාව සහ ශ්වසනය අකර්මණ්‍ය වීම හේතුවෙන් ඔහු බොහෝ දුරට මිය ගොස් සිටි බව එම රෝහලේ වාර්තාවල දැක්වේ.

Barnes Jewish රෝහල වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය මධ්‍යස්ථානයේ මිසූරි හි විශාලතම රෝහල වන අතර ශාන්ත ලුවී කලාපයේ විශාලතම සේවායෝජකයාට අයත් පෞද්ගලික රෝහලකි.

ගුත්‍රි මරණයෙන් යළි නැගිටීම එම රෝහලේ වෛද්‍යවරුන් පවා විස්මිත කරනු ලැබූ සිදුවීමක් වූ අතර එම දින දෙසිය ගණනටම ඔහුගේ පවුලේ අයෙක් ඔහු අසල සිටි බව වෛද්‍යවරුන් පවසයි.

ජැක්සන් දැනටමත් ගුත්‍රි අභිබවා ගොසින් ය. Google සෙවුම් යන්ත්‍රය නිවැරදි නම් ජැක්සන් දැන් සිටින්නේ ලෝක වාර්තාවක් තබමින් ය.

අවුල ජැක්සන් සිටින්නේ ICU ඇඳක් කෙසේ වෙතත් අත්‍යාවශ්‍ය බෙහෙත් ටිකත් බොහොම අමාරුවෙන් පිරිමහගන්නා රටක රජයේ ලොකුම රෝහලේ තිබෙන අතිශය සීමිත ඇඳන් කිහිපයකින් එකක වීමයි.

කලාකරුවෙක් ලෙස ජැක්සන් මේ රටේ ඕනම මනුස්සයෙක්ට ඕන වන්නේ තමන්ගේ ළඟම හිතවතාගෙන් ඥාතියාගෙන් පසුවටයි. තමන්ගේ ළඟම එකා මැරෙද්දී මොළය මියගොස් ICU එකේ සිටින ජැක්සන් තවත් ජීවත් විය යුතුයයි කියා කල්පනා කිරීමට පුළුවන් කමක් නැත. ජැක්සන්ගේ ළඟම අයට ද ඒ වේදනාව ඇත්නම් දැන් ඔහුව ගෙදරට හෝ පෞද්ගලික රෝහලකට මාරු කර ගත හැකිය.

දැඩි සත්කාරයේ ඇඳක් නොමැතිව මිය ගිය දියණියගේ මවගේ වේදනාව ඇත්තේ එතැනයි. ඇය එම වේදනාව සමාජ මාධ්‍ය ඔස්සේ පිට කර තිබේ. ඒ ජැක්සන් පවුලේ සියලු දෙනාට හිතන්න යමක් ඉතිරි කරමිනි. ජැක්සන් රෝහලක ඇඳක් මත වැතිර සිටිද්දී ඔවුන්ගේ ජීවිත සුපුරුදු ලෙස ඉදිරියට ඇදෙයි.

උපන්දින සාද, මංගල උත්සව, ටීවී ප්‍රෝගෑම් එකක්වත් ඔවුන් මඟ ඇරගන්නේ නැත. ඔවුන් එසේ සිටිය යුතු යැයි කියා අප සිතන්නේ ද නැත. ඔවුන් ඉදිරියට යා යුතුය. ඔවුන් මෙන්ම මේ රටේ අනිත් මිනිස්සුන්ද ඉදිරියට යා යුතුය. හුස්ම ගන්න හැමෝටම අයිතිය තිබිය යුතුය. දීන සීය, දෙසීය, තුන්සීය නැතත් අවම දින තුනක් හතරක් හෝ හුස්ම වෙනුවෙන් සටන් කරන්න අයිතියක් තිබිය යුතුය.

Latest News

More like this

අනුර Newsweek හරහා ජ්‍යාත්‍යන්තරයට ගහපු ගල..

'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් පැවතුණු නොසන්සුන්කාරී සහ කැළඹුණු වාතාවරණය...

පොළොන්නරුවට අලුත් රජෙක් පහළ වේ..

ජාතික ජන බලයේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා නිවාස...

චන්ද්‍රිකාගේ රු කෝටි 25ක පරිත්‍යාගය විමුක්ති දේශපාලනයට ගෙන ඒමේ මෙහෙයුමේ පළමු වෙඩිමුරයයි

හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිනිය ආපදාවෙන් විපතට පත්...

ශ්‍රී ලංකාව අපගේ පාලනයෙන් තොර අර්බුදයකට.. ජනපති Newsweek සඟරාවට අනාවරණය කරයි

ණය අර්බුදයකින් සහ දේශපාලන කැලඹීමකින් නැවත ගොඩනැගීමට උත්සාහ කරන...