නෙදර්ලන්ත රූ රැජින කිරුළ සංක්‍රාන්ති ලිංගික නිරූපිකාවකට

නෙදර්ලන්ත රූ රැජින කිරුළ පළමු වතාවට සංක්‍රාන්ති ලිංගික තරඟකාරියක විසින් දිනාගෙන තිබේ. රූ රැජින කිරුළ දිනූ 22 හැවිරිදි රිකී කොලේ (Rikkie Kollé) නමැති ඇය නෙදර්ලන්තයේ බ්‍රෙඩාහි උපත ලබා තිබුණේ පිරිමි දරුවෙකු ලෙසටය. පසුගිය වසරේ ජයග්‍රාහිකාව වන ඔනා මූඩි විසින් වේදිකාවේදී ඇයට කිරුළු පැළඳූ අතර විශ්ව රූ රැජින වන රබොනී ගේබ්‍රියෙල් විසින් ඇගේ සළුවද පිරිනැමිණි.

ඇය මේ වසර අගදී විශ්ව රූ රැජින තරඟාවලිය සඳහාද සිය රට නියෝජනය කරනු ඇත. එහිදි විශ්ව රූ රැජින තරඟය දිනා ගත්තොත්, එම විශිෂ්ට කිරුළ පැළැඳි පළමු සංක්‍රාන්ති කාන්තාව බවට පත්වනු ඇත. විශ්ව රූ රැජින තරඟය සඳහා 2012 සිට සංක්‍රාන්ති සහභාගීවන්නන්ට අවසර දී ඇති අතර 2018 දී ස්පාඤ්ඤයේ ඇන්ජෙලා පොන්ස් මෙම තරඟාවලියේ පළමු තරඟකාරිය බවට පත් වූ නමුත් ඇය අවසන් මහා තරඟයට ඉදිරිපත් වූයේ නැත.

ලබන මාසයේදී, තවත් ක්‍රියාකාරිනියක වන ඩැනියෙලා අරෝයෝ ගොන්සාලේස්ද පුවර්ටෝ රිකෝ විශ්ව රූ රුජින ජයග්‍රහණය කළ පළමු සංක්‍රාන්ති කාන්තාව ලෙස ඉතිහාසගත වීමට බලාපොරොත්තු වන අතර, ඇය එසේ කිරුළු පැළඳුවහොත් ඇයද විශ්ව රූ රැජිණ තරඟයට ඉදිරිපත්වනු ඇත. 2023 තරඟාවලිය සඳහා ලොවපුරා සිටින කාන්තාවන් 90 දෙනෙකු මෙවර තරඟ වදින බව එහි වෙබ් අඩවිය පවසයි.

Transgender woman Rikkie Valerie Kolle is crowned Miss Netherlands

Latest News

More like this

ළමා මනාලියන්ගේ කැළඹිලි සහගත ලෝකය පිළිබඳ කම්පන සහගත ඡායාරූප පෙළක්

ලොව පුරා මිලියන සිය ගණනක් ගැහැණු දරුවන්ට අපයෝජන සහ...

ඉරාන හා පලස්තීන වැසියන් වෙනුවෙන් විමල් ගයයි

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ පීඩාවට පත් පලස්තීන හා ඉරාන වැසියන්...

ගෙයින් ගෙට ගොස් බඩු විකුණූ ‘විවේක්’ වසරකට බිලියනයක් හොයන රහස

බොලිවුඩ් සිනමාවේ දශක දෙකක් වැනි කාලයක් ගත කරලා අද...

කැලණිය ප්‍රාදේශීය සභාවේ යමක් සිදු වෙමින් පවතී..

මම මෑත දිනයක කැලණිය ප්‍රාදේශීය සභාවට ගියේ නිවසට අදාළ...
error: Content is protected !!