ශ්‍රී ලංකා ටෙලිකොම් විකිනීමට එරෙහිවූ සභාපති ඉවත්කරයි

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති ධුරයට එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු වන රියාස් මියුලර් පත්කර තිබේ.

අද(20) පෙරවරුවේ රැස්වූ ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමකදී එම තීරණය ගෙන ඇත.

ශ්‍රී ලංකා ටෙලිකොම් පනතට අනුකුලව අධ්‍යක්ෂ මණ්ඩලය වෙත හදිසියේ ඉදිරිපත් කළ යෝජනාවක් ලෙස එම යෝජනාව සම්මතකරගෙන තිබේ.

ඒ අනුව ටෙලිකොම් සභාපති රොහාන් ප්‍රනාන්දු වෙනුවට රියාස් මියුලර් අධ්‍යක්ෂ මණ්ඩලයේ වැඩි ඡන්දයෙන් පත්කරගෙන ඇත.

KPMG හි මෙරට ප්‍රධානියා වන රියාස් මියුලර් ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලයට පසුගියදා පත්කරනු ලැබුවේ ජනාධිපතිවරයා විසිනි.

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ රජය සතු කොටස් විකිනීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයට රොහාන් රොහාන් ප්‍රනාන්දු දිගින් දිගටම විරෝධය පලකර තිබිම ඔහුව මෙසේ සභාපති ධුරයෙන් ඉවත් කිරීමට බලපා ඇතැයි වාර්තාවේ.

– Theleader

Latest News

More like this

ශ්‍රී ලංකාව ඇමරිකාව සමඟ වෙළඳ ගිවිසුමකට යා යුතුයි.. මහාචාර්ය වසන්ත අතුකෝරාල

රී ලංකාව ඇමරිකාව සමග අවම වශයෙන් වසර 05කට පමණ...

රජයෙන් සීමා වැටුණොත් වාහන මිල අහසේ… වාහන ආනයනකරුවෝ අනතුරු අඟවයි

මෙරටට වාහන ආනයනය කිරීමට මෙම අවුරුද්ද සඳහා වෙන් කරන...

44%ක ඇමරිකානු තීරු බද්දෙන් රැකියා 50,000ක් අහිමි වෙන ලකුණු

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අන්‍යෝන්‍ය තීරු බදු යටතේ පසුගිය...
error: Content is protected !!