“Thank You for Coming” Karan Boolani විසින් අධ්‍යක්ෂණය කරන ලද සහ Rhea Kapoor සහ Ekta Kapoor විසින් නිෂ්පාදනය කරන ලද ලිංගික ප්‍රහසන චිත්‍රපටයකි. Radhika Anand සහ Prashathi Sing විසින් රචනා කරන ලද Bhumi Pednekar, Shenaz Gill, Dolly Singh, Kusha Kapila, සහ Shibani Bedi වැනි නවක ශිල්පිනියන් රංගනයෙන් දායක වන මේ චිත්‍රපටය ඔක්තෝබර් 6 වෙනි දා තිරගත වීමට නියමිතයි.
බොහෝ සමාජවල තහනම් මාතෘකාවක් ලෙස පවතින මාතෘකාවක් වන “ස්ත්‍රී වින්දනය” නැතහොත් “සුරතාන්තය” පිළිබඳ කතාවක් “Thank You for Coming” චිත්‍රපටයට තේමාව වී තිබෙනවා.
අනිල් කපූර් මෙහි ප්‍රධාන චරිතයක් නිරූපණය කරන අතර, එය කාන්තා ජීවිතයේ බොහෝ විට නොසලකා හරින ලද පැතිකඩක් වෙත ඇස් විවර කරන නිර්මාණයක් බව පැවසෙනවා.
භූමි පෙඩ්නේකාර් හා ඇගේ සම නිළියන් චිත්‍රපටය පිළිබඳ සුවිශේෂී කතා බහක් අතරතුර,බොහෝ සමාජවල තවමත් තහනම් මාතෘකාවක් වන ‘සුරතාන්තය’ යන යෙදුම පිළිබඳ විවෘතව අවංකව කතා කළා.
එය ලිංගික යහපැවැත්ම පිළිබඳ අතිශය වැදගත් මාතෘකාවක් බවයි ඔවුන්ගේ මතය වුණේ.
පෙඩ්නේකාර් අවංකව පැවසුවේ බොහෝ කාන්තාවන්ට ලිංගික සමීපතාවයෙන් සතුටක් ලබා ගැනීමේ සංකල්පය ආගන්තුකව පවතින බවයි.
මෙම දැනුවත්භාවයේ හා අධ්‍යාපනයේ ඌනතාවය පරම්පරා ගණනාවක් පුරා පවතින බව ඇය පවසනාවා. ලිංගික සතුටේ වැදගත්කම සහ මානසික සෞඛ්‍යය සහ සමස්ත යහපැවැත්ම සඳහා එය ඉටු කරන කාර්යභාරය පිළිබඳව කිසිදු දැනුමක් නොමැති සාමාජිකයින් තම පවුල තුළ පවා සිටි බවයි ඇය කියන්නේ.
එවැනි මාතෘකා පිළිබඳ විවෘත සංවාදයේ වැදගත්කම තවදුරටත් අවධාරණය කරන ඇය අවබෝධයක් නොමැතිකම කෙනෙකුගේ ශාරීරික හා මානසික සෞඛ්‍යයට ප්‍රබල බලපෑමක් ඇති කළ හැක්කක් බව පැවසුවා. තම පරම්පරාවේ කාන්තාවන් බොහෝ විට තම ලිංගික සබඳතාවන්හි සවිබල ගැන්වීමට වඩා බැඳීම් පිළිබඳ සිතන අතර, සතුට ලබා ගැනීම ස්වාභාවික පමණක් නොව අත්‍යවශ්‍ය බව නොදන්නා බව ද ඇය පවසනවා.
“Thank You for Coming” කාන්තා විනෝදය වටා ඇති නිශ්ශබ්දතාවය සහ අපකීර්තිමත් මත බිඳ දමනවා. ඔවුන්ගේම ලිංගික සතුටෙන් වෙන් වී ඇති කාන්තාවන්ගේ අත්දැකීම් මත ආලෝකය විහිදුවන චිත්‍රපටයක් ලෙසයි එය සැලකෙන්නේ.
