ප්‍රේම සම්බන්ධතාවය හැමෝටම එළිදරව් වුණාම ඇස්වහ වදිනවා.. – ශලනි තාරකා

පසුගියදා පැවැත්වුණ ස්ලිම් කාන්ටාර් ජනතා සම්මාන උළෙලේදි සම්මාන ත්‍රිත්වයකින්ම පිදුම් ලබන්න ශලනි තාරකාට හැකිවෙනවා. රංගන ශිල්පිනියක් විදිහට වාර්තා පිට වාර්තා තබමින් ඉදිරියට යන ඇය ළඟදීම විවාහ දිවියටද පිවිසෙන්න සූදානමින් ඉන්නවා. ඉතින් ඒ දේවල් ගැන වගේම ඇයගේ අලුත්ම තොරතුරු දැනගන්න ශලනි එක්ක කතා කරන්න අපි හිතුවා.

සම්මාන තුනකින්ම පිදුම් ලැබුවා නේද ?

ඔව්. මෙවර ස්ලිම් කාන්ටාර් ජනතා සම්මාන උළෙලේ වසරේ ජනතාවගේ නිළිය, වසරේ ටෙලි නාට්‍යය නිළිය සහ වසරේ තරුණ ජනතාවගේ නිළිය කියන සම්මාන තුනම මට හිමිවුණා. ඇත්තටම සම්මාන තුනම හිමිවෙයි කියලා මම බලාපොරොත්තු වුණේ නැහැ.

මුලින්ම ක්ෂේත්‍රයට එනකොට හිතුවද මේ තරම් සාර්ථක වෙයි කියලා?

මුලින්ම ක්ෂේත්‍රයට එනකොට නම් මේ තරම් සාර්ථකත්වයක් ලැබෙයි කියලා මම හිතුවෙ නැහැ. උත්සාහය, කැපවීම, උනන්දුව නිසා මට මේ තරම් දුර එන්න පුළුවන්වුණා කියලා හිතනවා. ඒ වගේම තමයි මම මාව විශ්වාස කරනවා, මගේ හැකියාව විශ්වාස කරනවා. ජනප්‍රියම නිළියට හිමි සම්මානය ලැබුණා කියලා හිස උදුම්මගෙන මම තරම් නිළියක් ක්ෂේත්‍රයේම නැහැ කියන අදහසින් මම කවදාවත් ඉන්නෙ නැහැ. සම්මාන උළෙලෙට පහුවදාත් මම ගිහින් මහන්සි වෙලා රංගන කටයතු කරනවා.

ජාත්‍යන්තරයට යන්න බලාපොරොත්තුවක් තියනවාද?

එහෙම විශේෂ බලාපොරොත්තුවක් නැහැ. හැබැයි අහම්බෙන් හරි ජාත්‍යන්තර කලා ක්ෂේත්‍රයේ වැඩකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණොත් ඒ දේත් මට පුළුවන් උපරිමයෙන් කරනවා.

සමහරු කියලා තිබුණා සම්මාන උළෙලෙදි ඇඳලා තිබුණ ඇඳුම විවෘත වැඩී කියලා…

මම ඇඳුම් අඳින්නෙ කාවවත් සතුටු කරන්න නෙමෙයි. ඒ ඇඳුම නිසා මාව ලස්සනට පේනවා නම්, ඇඳගෙන ඉන්න සුවපහසුයි නම් එතැනින් එහා අනිත් අය කියන දේවල් මම ගණන් ගන්නෙ නැහැ.

කොහොමද ඇඟ ලස්සනට තියාගෙන ඉන්නෙ?

මම වැඩිය කෙට්ටු වෙන්න කැමති නැහැ. කාලයක් මම ගොඩක් කෙට්ටුවට හිටියා. ඒ කාලෙ මහත් වෙන්න නොකරපු දෙයක් නැහැ. හැබැයි දැන් නම් පොඩ්ඩක් කෑම කෑවත් මහත් වෙනවා. කෙට්ටුවට හිටපු කාලෙදි කලා ක්ෂේත්‍රයෙන් වුණත් වැඩිපුර ආරාධනා ලැබුණෙ ලදබොළඳ චරිතවලට. මහත්වුණාට පස්සෙ වෙනස් විදිහෙ චරිත රඟපාන්න ආරාධනා ලැබුණා. ඒ දේවලුත් එක්ක මට හිතුණා කෙට්ටුවට ඉන්නවට වැඩිය මහත පෙනුම හොඳයි කියලා.

කාලෙකට පස්සෙ රිදී තිරයේ ඉන්නවා නේද?

වියසිදුරු කියන්නෙ අවුරුදු හතරකට විතර කලින් රූගත කරපු චිත්‍රපටයක්. අවාසනාවකට පහුගිය කාලෙදි රටේ තිබ්බ තත්ත්වයත් එක්ක චිත්‍රපටය තිරගත කරන්න අවස්ථාව ලැබුණෙ නැහැ. ⁣දැන් ප්‍රේක්ෂකයො සිනමාව ගැන ආපහු උනන්දු වීමත් එක්ක චිත්‍රපටය තිරගත කෙරුනා. මේ දවස්වල වියසිදුරු බලපු ප්‍රේක්ෂකයන්ගෙන් හොඳ ප්‍රතිචාර හම්බ වෙනවා.

ඇඳුම් ව්‍යාපාරයක් පටන් ගත්තා කියලා ආරංචියි?

ඔව්. නොවැම්බර් 15 ඉන්ස්ටග්‍රෑම් හරහා කරන ඇඳුම් ව්‍යාපාරයක් පටන් ගත්තා. මුලින්ම ඇඳුම් ටිකකිනුයි ව්‍යාපාරය පටන් ගත්තෙ. ඇත්තටම මම හිතුවට වැඩිය ව්‍යාපාරය ජනප්‍රිය වුණා. ඉදිරියේදි මීට වඩා වැඩි ඇඳුම් එකතුවකින් ව්‍යාපාරයේ දෙවැනි අදියර එළිදක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

ඇයි පෙම්වතාව හංගන්නෙ?

මම මගේ පෞද්ගලිකත්වය ඕනාවට වඩා එළිකරන්න කැමති නැහැ. ඒක ඉස්සරත් එහෙමයි, අදත් එහෙමයි. මට මීට කලිනුත් ප්‍රේම සම්බන්ධතා තිබිලා තියනවා. හැබැයි මම කවදාවත් කාටවත් ඒවා ප්‍රදර්ශනය කළේ නැහැ. මේ මගේ පෙම්වතා කියලා හැමෝ⁣ටම කියකිය ලෝකෙට පේන්න ෂෝ දාන්න වුවමනාවක් මට නැහැ. ඒ වගේම තමයි ප්‍රේම සම්බන්ධතාවය හැමෝටම එළිදරව් වුණාම ඇස්වහ වදිනවා කියලා මම හිතනවා. අපි දෙන්නට අපි දෙන්නාගෙ පේන්නෙ නැති අඩුපාඩු, නොගැළපීම් පිට අයට පේන්න ගන්නවා. ඊට පස්සෙ මොනවහරි කියලා ප්‍රේම සම්බන්ධතාවය කඩන්න උත්සාහ කරනවා. ඒ වගේ තත්වයකට මුහුණ දෙන්න මට ඕන නැහැ. ඒ නිසා මම මගේ පෞද්ගලිකත්වයත් මගේ පෙම්වතාගේ පෞද්ගලිකත්වයත් ආරක්ෂා කරගෙන සම්බන්ධතාවය පවත්වගෙන යනවා.

ළඟදි විවාහ වෙනවද?

ළඟදීම විවාහ වෙනවා කියලා තාම දින නම් වෙන් කරගෙන නැහැ. නමුත් ඉක්මනින්ම විවාහ වෙන්න බලාපොරොත්තු වෙනවා.

විවාහ වුණාට පස්සෙ ක්ෂේත්‍රයේ ඉන්නවද?

විවාහ වුණාට පස්සෙ කලා ක්ෂේත්‍රයෙන් අයින් වෙනවා කියලා තීරණයක් අරගෙන නැහැ. හැබැයි මම වැඩි කාලයක් මගේ සැමියා වෙනුවෙන් සහ පවුල් ජීවිතය වෙනුවෙන් වෙන් කරන්න තීරණය කරලා තියනවා.

සමාජ මාධ්‍ය තුළ ස්ව කැමත්තෙන්ම සහයෝගය දෙන රසිකයො පිරිසක් ඉන්නවා නේද?

ඔව්, ඇත්තෙන්ම මට හැමවෙලේම සහයෝගය දෙන රසිකයො පිරිසක් ඉන්න එක ගැන සතුටු වෙනවා වගේම නිහතමානීව ආඩම්බර වෙනවා. මම මේ ක්ෂේත්‍රයේ ලේසි පහසු ගමනක් නෙමෙයි ආවේ. කට්ට කාගෙන නිදි වරාගෙන මහන්සිවෙලා කැපවීමෙන් වැඩ කරලා මේ තැනට මම අද ආවෙ. ඒ හැම තැනකදිම මාව වැටෙන්න නොදි කොහොම හරි ඉස්සරහට යන්න කියලා තල්ලු කළේ මගේ රසිකයො. ක්ෂේත්‍රයට ආපු මුල් කාලෙ ඉඳලා මාත් එක්ක ඉන්න අය වගේම මගේ හැකියාවන් දැකලා මගදි මාත් එක්ක එකතු වුණ හැමෝමවත් මේ මොහොතෙදි මම මතක් කරනවා වගේම ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා.

Latest News

More like this

ගිරිරාජ්ගේ දියණියගෙන් කෙහෙළියගේ දෝණියට පණිවිඩයක්

කෙහෙළිය රඹුක්වැල්ල මෙරට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටි...

සුපිරි නළු සල්මන් ඛාන් වටා කැරකෙන පාතාලය: ගැහැණියක් නිවසටම ඇතුළු වේ

බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ මුම්බායි, බන්ඩ්‍රා ප්‍රදේශයේ ගැලැක්සි මහල්...

විශාල්ගේ ජීවිතයට අලුත් බලාපොරොත්තුවක්…

හැංගි හැංගි බැඳපු ආදරේ ගැන හැමෝටම කියන්න ඔවුන් පසු...

සමන්තා සහ රාජ් නිදිමෝරු අතර ප්‍රේමය සනාථ කරන ගුප්ත සටහන්

"හොඳ කර්මය නිර්මාණය කරන්න. මිනිසුන්ට උදව් කරන්න සහ මිනිසුන්ට...
error: Content is protected !!