අපට අවශ්‍ය විදේශීය නිරීක්ෂකයින් සමඟ දේශීය පරීක්ෂණයක් – කතෝලික සභාව නැවතත් ජනපතිට ලියයි

ශ්‍රී ලංකා කතෝලික සභාව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යවමින් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් මීට පෙර සිදු කළ පරීක්ෂණවල දක්නට ලැබෙන යම් යම් අඩුපාඩු ඉවත් කර ගැනීමට දේශීය පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා තිබෙනවා.

කතෝලික රදගුරු සම්මේලනය විසින් පත් කරන ලද පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතට පත් වූවන් සඳහා යුක්තිය පසිඳලීම සඳහා වූ ජාතික කතෝලික කමිටුවේ සාමාජිකයන් වන කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ඇතුළු රදගුරුවරුන් කිහිප දෙනෙකුගේ අත්සනින් යුතුව පසුගිය විමර්ශනවලදී වැදගත් කරුණු නොසලකා හැර ඇති බව එම ලිපියෙන් පවසා ඇතැයි වාර්තා වෙනවා.

“සොනික් සොනික්” ලෙස හඳුනාගෙන සිටි IP බණ්ඩාරගෙන් ප්‍රශ්න කිරීම නතර කිරීම, “අබු හින්ද්” හඳුනා නොගැනීම, පරීක්ෂණ සිදු නොකිරීම, ඇමරිකානු FBI බුද්ධි සාමාජිකයකු විසින් CIDයට IP ලිපිනය ලබා දුන් පුද්ගලයා පිළිබඳ පරීක්ෂණ සිදු කර නොමැති බව එහි සඳහන්. බෝම්බකරු “ජමිල්” බුද්ධි අංශ සමඟ ඇති සම්බන්ධය සහ ගැලනිගම පිටවීමේ දොරටුවේ දී පුපුරණ ද්‍රව්‍ය පිරවූ ලොරියක් ගමන් කිරීමට ඉඩ දී ඇති සිද්ධිය පිළිබඳව නිසි පරීක්‍ෂණයක් සිදු කර නොමැති බව ද වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

“යුද බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය සහ රාජ්‍ය බුද්ධි සේවය සහරාන් සමඟ සමීප සබඳතා පැවැත්වූ බව පැහැදිලියි. මෙම පරීක්ෂණවලට බාධා කිරීමට සහ කඩාකප්පල් කිරීමට උත්සාහ දරා තිබෙනවා,”

පසුගියදා චැනල් 4 වීඩියෝ පටයේ ඇති චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ද කමිටුව ඉල්ලා සිටිනවා. ඔවුන් කියා සිටියේ මෙම පරීක්ෂණය ස්වාධීන විදේශීය නිරීක්ෂකයින් විසින් නිරීක්ෂණය කළ යුතු බවයි.

එම ලිපියට මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්, ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති බිෂොප් හැරල්ඩ් ඇන්තනි පෙරේරා, හලාවත රදගුරු වැලන්ස් මෙන්ඩිස්, ගාල්ල රදගුරු රේමන්ඩ් වික්‍රමසිංහ, සහකාර රදගුරුවරුන් වන ජේ.ඩී ඇන්තනි එස් ජයකොඩි, ඇන්ටන් රංජිත් සහ මැක්ස්වෙල් යන පූජකවරුන් කිහිප දෙනෙකු අත්සන් තබා තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ මීට පෙර ලිපියට ද ජනාධිපතිවරයා මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති බව සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරනු ලැබුවා.

Latest News

More like this

එක්සත් රාජධානියට තීරුබදු රහිතව භාණ්ඩ අපනයනය කිරීමට ලංකාවටත් වරම්..

ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලින් සිදුකෙරෙන ආනයන...

ට්‍රම්ප්ගේ තීරුබදු ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට කරන බලපෑම

එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති තීරුබදු හේතුවෙන් ශ්‍රී...

එක්සත් ජනපදය සමඟ ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුමක් පිළිබඳව නියෝජ්‍ය ඇමතිගෙන් ඉඟියක්

එක්සත් ජනපද තීරු බදු ක්‍රියාත්මක වන අගෝස්තු 1 වන...

සිය හෝටලය විනාශ කළ බව පිළිගත් අරගලකරුවන්ට ජොන්ස්ටන් සමාව දෙයි

2022 වසරේ මැයි මස 09 වනදා ගාලු මුවදොර ගෝඨා...
error: Content is protected !!