අමිතාබ් බච්චන්ගේ 81 වැනි උපන්දිනයට රසිකයින්ගෙන් මල් වැස්සක්

අමිතාබ් බච්චන් අද (11) සිය 81 වැනි උපන්දිනය සැමරුවා. වාර්ෂික චාරිත්‍රයට අනුව, ඔහු දැක බලා ගැනීමට දහස් ගණනින් රසිකයන් මුම්බායි හි ඔහුගේ නිවස වටා එක් වී සිටි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ප්‍රවීණ රංගන ශිල්පියාට ඔවුන්ගේ රසිකයන් සලකන්නේ දෙවියෙකුට නොඅඩු ආකාරයෙනි. එය ඔප්පු කරමින් ඔහුගේ රසිකයෝ මල්මාලා සහ මල් සමඟ ඔහුගේ මුම්බායි නිවස වන ජල්සා දොරටු වෙත ළඟා වූ බවයි වාර්තාවල දැක්වෙන්නේ. බච්චන්, ඔහුගේ රසිකයින්ට ආචාර කිරීමට නිවසින් පිටතට පැමිණි බව සඳහන්.

පැපරාසි වීඩියෝවක දැක්වෙන්නේ අමිතාබ් බච්චන් සාම්ප්‍රදායික ඇඳුමකින් සැරසී වේදිකාවක් මත සිටගෙන සිටින ආකාරයයි. ඔහු දෑතින්ම රසික රසිකාවියන්ට ආචාර කරන අතර සෑම දෙනාටම අත වනමින් ආචාර කරන ආකාරය දිස්වෙනවා. පැමිණි සියලු දෙනා වෙනුවෙන් ඔහු ස්තූතිවන්ත වන ආකාරය ද එම දර්ශනවලට ඇතුළත්.

Latest News

More like this

සුජීව සේනසිංහ V8 එක ගැන පරීක්ෂණවලදී ප්‍රකාශයක් ලබාදීම හයවතාවක් මඟ ඇරලා

නීති විරෝධීව එක්ලස් කළා යයි චෝදනා එල්ල වී ඇති...

25 හැවිරිදි තරුණියකගේ ගෙල කපා සිදු කළ මහා අපරාධය..

මැණික් ඔපදමන්නියක ලෙස පෞද්ගලික ආයතනයක සේවය කළ විසිපස් හැවිරිදි...

ශ්‍රී ලංකා පොලිස් ෆේස්බුක් පිටුවෙන් බ්ලොක් කිරීමට එරෙහිව මානව හිමිකම් ගිය තරුණයා

ශ්‍රී ලංකා පොලිසියේ නිල ෆේස්බුක් පිටුවෙන් තම ෆේස්බුක් ගිණුම...

පැය 48කදී ඊශ්‍රායලය ගාසා තීරයේ 300ක් ඝාතනය කරයි

පසුගිය පැය 48 තුළ ඊශ්‍රායල හමුදා විසින් පලස්තීන ජාතිකයින්...
error: Content is protected !!