අරගල සමයේ ඝාතනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රීට රජයෙන් කෝටියක් ගෙවලා – පාස්කු වින්දිතයන්ට මෛත්‍රී ඇතුළු කණ්ඩායම ගෙවලා තියෙන හැටි මෙන්න

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පස් දෙනෙකුට නියම කරනු ලැනූ රුපියල් ලක්ෂ 310 ක වන්දි මුදලෙන් මේ වන විට ගෙවා ඇත්තේ 11.84% ක මුදලක් පමණක් බවත් 88.15% ක මුදලක් ගෙවීමට ඉතිරිව ඇති බව සමාජ හා සමායික කේන්ද්‍රය විසින් සිදුකළ පරීක්ෂණ වාර්තාවක් පෙන්වා දෙනවා.

එම කේන්ද්‍රයේ නීතිඥ සුරේෂ් පෙරේරා මහතා සඳහන් කලේ මේ වන විට රජය විසින් එක් පුද්ගලයෙකුට ගෙවන ලෙස නියම කළ රු මිලියනයක මුදල ගෙවා අවසන් කර ඇති බවයි.

“හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට කිව්ව මිලියන 50 ක්ගෙවන්න කියලා. ඒකෙන් මිලියන 5 ක් ගෙවලා තියෙනවා. මිලියන 45 ක් දැනට ගෙවලා නෑ. පූජිත ජයසුන්දර හිටපු පොලිස්පතිවරයාට මිලියන 75 ක් නියම වුණා. ඔහු ලක්ෂ 170 ක් ගෙවල තියෙනවා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මිලියන 100ක් ගෙවන්න නියම වුණා. මිලියන 15 ක් ගෙවල තියෙනවා. නිලන්ත ජයවර්ධන හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයාට මිලියන 75 ක් ගෙවන්න කිව්වා. ඒකෙන් මිලියන 4.1 ක් ගෙවලා තියෙනව. තව මිලියන 70.9 ක් ගෙවන්න තියෙනවා. සම්පූර්ණ වශයෙන් ගෙවන්න තියෙන මුදල මිලියන 311ක්. ඒකෙන් ගෙවල තියෙන්නෙ 11.4 ක් පමණයි”

තව ද මෙහි දී අදහස් දැක්වූ එම කණ්ඩයමේ දුරේක්ෂා ගයානි පැවසුවේ 2022 වර්ෂයේ ඝාතනය වුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට වන්දි ලෙස රජය රුපියල් කෝටියක මුදලක් ගෙවා ඇති බවයි. ඒ පුද්ගලයා සහ පාස්කු ප්‍රහාරයෙන් මියගිය අයගේ ජීවිත අතර වෙනස කුමක්දැයි මෙහි දී ප්‍රශ්ණ කර සිටියා.

Latest News

More like this

ලංකා විදුලි බල මණ්ඩලය අහෝසියි.. පාලනය සමාගම් 6ක් යටතට

ලංකා විදුලි බල මණ්ඩලය මේ මස අවසානයේ දී අහෝසි...

සමලිංගික මොඩියුලයේ සෝදුපත් කියවූ අය ගැන විශේෂ අවධානයක් යොමු කරනවා.. ඇමති විජේපාල

හය වැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය තුළ අනිසි වෙබ් අඩවියක...

යූ ටියුබ් ‘කාරි’ ට නලින්දගෙන් රු බිලියනයක එන්තරවාසියක්

යූ ටියුබ් ක්‍රියාකරුවකු වන ධර්මසිරි කාරියවසම් යන අයට එරෙහිව...

ආපදාව පිට දමා හෝ පාසල් කාලය දීර්ඝ කිරීමේ යෝජනා හකුළා ගත් හරිනිට හතරවටෙන්ම ප්‍රශංසා

2026 වර්ෂයේ පාසල් අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් යන මැයෙන් නිවේදනයක්...