අවුරුදු ගීතය විකෘති කළ අයට වෙන දේ

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන විකෘති කරන ලද අවුරුදු ගීතයක් සම්බන්ධයෙන් සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

එම පරීක්ෂණය ආරම්භ කර ඇත්‍තේ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ උපදෙස් අනුවයි.

මෙසේ විකෘති කරන ලද ගීතය රෝහණ බැද්දගේ මහතා විසින් ගායනා කරන අවුරුදු ගීතයක් බවයි වාර්තා වෙන්නේ.

සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පවසන්නේ විකෘති කළ ගීතය සමාජ මාධ්‍යයට මුදාහැරි පුද්ගලයින් පිළිබඳව සොයා බලා වාර්තාවක් ලබා දෙන ‌ලෙසට උපදෙස් ලබා දී ඇති බවයි.

ඒසේම අදාළ පිරිසට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Latest News

More like this

එක්සත් රාජධානියට තීරුබදු රහිතව භාණ්ඩ අපනයනය කිරීමට ලංකාවටත් වරම්..

ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලින් සිදුකෙරෙන ආනයන...

ට්‍රම්ප්ගේ තීරුබදු ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට කරන බලපෑම

එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති තීරුබදු හේතුවෙන් ශ්‍රී...

එක්සත් ජනපදය සමඟ ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුමක් පිළිබඳව නියෝජ්‍ය ඇමතිගෙන් ඉඟියක්

එක්සත් ජනපද තීරු බදු ක්‍රියාත්මක වන අගෝස්තු 1 වන...

සිය හෝටලය විනාශ කළ බව පිළිගත් අරගලකරුවන්ට ජොන්ස්ටන් සමාව දෙයි

2022 වසරේ මැයි මස 09 වනදා ගාලු මුවදොර ගෝඨා...
error: Content is protected !!