අවුරුදු ගීතය විකෘති කළ සුරාබදු නිලධාරියා දැලේ

ජනප්‍රිය අවුරුදු ගීතයක් වන “සූරිය මංගල්ලේ” ගීතය විකෘති කර සමාජ මාධ්‍යවලට මුදා හරින ලද බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රෝහණ බැද්දගේ මහතා විසින් රන්වල බලකාය සමඟ ගායනා කරන එම ගීතය අවුරුදු සමයේ දී මෙරට සමාජයේ ජනප්‍රිය ගීතයක්.

ගීතය විකෘති කිරීම පිළිබඳ පොලිස්පතිවරයාට ලැබුණු පැමිණිල්ලකට අනුව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශය වයඹ පළාත් ඒකකය විසින් කරන ලද විමර්ශනයකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බවයි සඳහන් වන්නේ.

ඒ අනුව ඊයේ (16) වාරියපොළ පිහිටි වයඹ පළාත් ඒකකයේ දී මෙම ක්‍රියාවට සම්බන්ධ බව කියන අවුරුදු 31 ක පුද්ගලයකු අත් අඩංගුවට පත්ව තිබෙනවා.

ඔහු සුරාබදු නිලධාරියෙක් බවයි වාර්තා වන්නේ.

සැකකරු අද (17) කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත යොමු කිරීමට නියමිතයි.

මෙම ගීතය ප්‍රචාරය කර තිබුණේ මේ දිනවල ජනප්‍රිය ෆේස්බුක් පිටුවක් පවත්වාගෙන යන ගිණුමක් මඟිනි.

Latest News

More like this

එක්සත් රාජධානියට තීරුබදු රහිතව භාණ්ඩ අපනයනය කිරීමට ලංකාවටත් වරම්..

ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලින් සිදුකෙරෙන ආනයන...

ට්‍රම්ප්ගේ තීරුබදු ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට කරන බලපෑම

එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති තීරුබදු හේතුවෙන් ශ්‍රී...

එක්සත් ජනපදය සමඟ ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුමක් පිළිබඳව නියෝජ්‍ය ඇමතිගෙන් ඉඟියක්

එක්සත් ජනපද තීරු බදු ක්‍රියාත්මක වන අගෝස්තු 1 වන...

සිය හෝටලය විනාශ කළ බව පිළිගත් අරගලකරුවන්ට ජොන්ස්ටන් සමාව දෙයි

2022 වසරේ මැයි මස 09 වනදා ගාලු මුවදොර ගෝඨා...
error: Content is protected !!