ඉතිහාසයේ ප්‍රථම වතාවට මැලේසියාවේ හමුදාවට ශ්‍රී ලාංකිකයන් බඳවා ගැනේ

ශ්‍රී ලංකා රජය විදේශ රැකියා ක්ෂේත්‍රයට අදාළව මේ වන විට රටවල් ගණනාවක් සමඟ ගිවිසුම් අත්සන් කර ඇති අතර ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයකට ඒ අනුව විදෙස් රැකියා සඳහා දොරගුළු විවෘත වන බව විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා පවසනවා.

ඒ අනුව නවසීලන්තය, සිංගප්පූරුව, මෝල්ටාව, තුර්කිය, ලක්සම්බර්ග්, සයිප්‍රස, පිලිපීනය, රුමේනියාව, මැලේසියාව හා මාලදිවයින වැනි රටවල් සමඟ ශ්‍රී ලංකාව ගිවිසුම්වලට එලැඹී ඇති බව ඒ මහතා ප්‍රකාශ කළා.

මැලේසියාව එරට ආරක්ෂක අංශ සඳහා විදේශ සේවකයින් දැනට බඳවා ගනු ලබන්නේ නේපාලයෙන් පමණක් වන අතර පසුගිය දා එරට කළ සංචාරයේ දී ප්‍රථම වතාවට එරට ආරක්ෂක අංශ සඳහා ශ්‍රී ලංකාවෙන් සේවකයින් බඳවා ගැනීමට එරට කැමැත්ත පළ කර ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියා.

එමෙන්ම ඉතාලියට රැකියා 40,000 ක කෝටාවක් මේ වන විට ලැබී ඇතැයි සඳහන්. එම රැකියා සඳහා අත්‍යාවශ්‍ය භාෂා පුහුණුව ලබා ගැනීම සඳහා එරට වෘත්තිය පුහුණු අධිකාරිය සමඟ එක්ව zoom තාක්ෂණය ඔස්සේ මාස හයක භාෂා පුහුණුවක් ලබා ගැනීමට ද එකඟතාවය පළ වී ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා.

Latest News

More like this

එක්සත් රාජධානියට තීරුබදු රහිතව භාණ්ඩ අපනයනය කිරීමට ලංකාවටත් වරම්..

ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලින් සිදුකෙරෙන ආනයන...

ට්‍රම්ප්ගේ තීරුබදු ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට කරන බලපෑම

එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති තීරුබදු හේතුවෙන් ශ්‍රී...

එක්සත් ජනපදය සමඟ ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුමක් පිළිබඳව නියෝජ්‍ය ඇමතිගෙන් ඉඟියක්

එක්සත් ජනපද තීරු බදු ක්‍රියාත්මක වන අගෝස්තු 1 වන...

සිය හෝටලය විනාශ කළ බව පිළිගත් අරගලකරුවන්ට ජොන්ස්ටන් සමාව දෙයි

2022 වසරේ මැයි මස 09 වනදා ගාලු මුවදොර ගෝඨා...
error: Content is protected !!