ඉරාන ජනාධිපති හමුවීමෙන් වැළකී මුස්ලිම් ජනතාව ප්‍රතික්ෂේප කළ සජිත් දැන් කියන කතාව

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි හමුවීමෙන් වැළකී සිටි බවට පළ වන වාර්තා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

එම වාර්තා ප්‍රතික්ෂේප කරමින් ඔහු පැවසුවේ ඉරාන ජනාධිපතිවරයා හමුවීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ඉරාන තානාපති කාර්යාලයෙන් වෙලාවක් නොලැබුණු බවයි.

එමෙන්ම ඉරාන ජනාධිපතිවරයා සමඟ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පවත්වනු ලැබූ රාත්‍රී භෝජන සංග්‍රහයට සජිත් ප්‍රේමදාස මහතා සහභාගි නොවීම පිළිබඳව ද ඔහු මෙසේ අදහස් පළ කළා.

“සමගි ජන බලවේගය ඉරාන ජනාධිපතිවරයා හමුවූයේ නැතැයි කියන වැරදි වාර්තා මා නිවැරදි කළ යුතුයි. ඉරාන ජනාධිපතිවරයා හමුවීමට ඉරාන තානාපති කාර්යාලයෙන් අපේ නායකයාට ආරාධනාවක් ලැබුණේ නැහැ. සජිත් ප්‍රේමදාස මහතා කිසිවිටකත් රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඩිනර්වලට සහභාහී වෙන්නෙ නැති නිසා මේ ඩිනර් එකටත් සහභාගී වුණේ නෑ”

Latest News

More like this

එක්සත් රාජධානියට තීරුබදු රහිතව භාණ්ඩ අපනයනය කිරීමට ලංකාවටත් වරම්..

ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලින් සිදුකෙරෙන ආනයන...

ට්‍රම්ප්ගේ තීරුබදු ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට කරන බලපෑම

එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති තීරුබදු හේතුවෙන් ශ්‍රී...

එක්සත් ජනපදය සමඟ ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුමක් පිළිබඳව නියෝජ්‍ය ඇමතිගෙන් ඉඟියක්

එක්සත් ජනපද තීරු බදු ක්‍රියාත්මක වන අගෝස්තු 1 වන...

සිය හෝටලය විනාශ කළ බව පිළිගත් අරගලකරුවන්ට ජොන්ස්ටන් සමාව දෙයි

2022 වසරේ මැයි මස 09 වනදා ගාලු මුවදොර ගෝඨා...
error: Content is protected !!