ඊබ්‍රහිම් රයිසි ජනාධිපතිවරයාගේ වියෝව ගෝලීය ප්‍රජාවටම පිරිමැසිය නොහැකි පාඩුවක් – අනුර කුමාර දිසානායකගේ ශෝක පණිවිඩය

ඊබ්‍රහිම් රයිසි ජනාධිපතිවරයාගේ වියෝව ඉරාන ජනතාවට සහ මැදපෙරදිග ජනතාවට පමණක් නොව ගෝලීය ප්‍රජාවටම පිරිමැසිය නොහැකි පාඩුවක් බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසා තිබෙනවා.

මාරාන්තික හෙලිකොප්ටර් අනතුරින් ඛේදජනක ලෙස දිවි අහිමි වූ ගරු ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි, විදේශ අමාත්‍ය හොසෙයින් අමීර් අබ්දුල්ලාහියන් සහ අනෙකුත් රාජ්‍යතාන්ත්‍රිකයින්ගේ හදිසි වියෝවීම් පිළිබඳව ශෝකය පළ කරමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.

ඔහු ශ්‍රී ලංකාවද ඇතුළු බොහෝ රටවල් සමග, මිත්‍රශීලී සහ ආධිපත්‍යමය නොවන සබඳතාවන් ශක්තිමත් කර ගැනීමට වෙහෙස නොබලා කටයුතු කළ නායකයෙක. බවයි ඔහු පවසා ඇත්‍තේ.

එම පණිවිඩය මෙසේය.

ජනමාධ්‍ය නිවේදනයයි

මාරාන්තික හෙලිකොප්ටර් අනතුරින් ඛේදජනක ලෙස දිවි අහිමි වූ ගරු ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි, විදේශ අමාත්‍ය හොසෙයින් අමීර් අබ්දුල්ලාහියන් සහ අනෙකුත් රාජ්‍යතාන්ත්‍රිකයින්ගේ හදිසි වියෝවීම් පිළිබඳව ජාතික ජන බලවේගය ලෙසත් ශ්‍රී ලාංකේය ජනතාව ලෙසත් අපි අපගේ සාතිශය ශෝකය පළ කර සිටිමු. මේ දුෂ්කර මොහොතේ මියගිය සියලු දෙනාගේ ඥාතීන් සහ හිතමිතුරන් සමග අපි අපගේ ශෝකය බෙදාගැනීමට කැමැත්තෙමු.

ඊබ්‍රහිම් රයිසි ජනාධිපතිවරයාගේ වියෝව ඉරාන ජනතාවට සහ මැදපෙරදිග ජනතාවට පමණක් නොව ගෝලීය ප්‍රජාවටම පිරිමැසිය නොහැකි පාඩුවකි. ශ්‍රී ලංකාවද ඇතුළු බොහෝ රටවල් සමග රයිසි ජනාධිපතිවරයා, මිත්‍රශීලී සහ ආධිපත්‍යමය නොවන සබඳතාවන් ශක්තිමත් කර ගැනීමට වෙහෙස නොබලා කටයුතු කළේය. ඉරාන ජනතාවගේ අරමුදල්වලින් ඉදිකරන ලද ජලවිදුලි බලාගාරය විවෘත කිරීම සඳහා වූ ඔහුගේ මෑත කාලීන ශ්‍රී ලංකා සංචාරය ජාත්‍යන්තර සහයෝගීතාව සහ තිරසාර සංවර්ධනය වෙනුවෙන් ඔහුගේ නොවෙනස් කැපවීම පිළිබඳ සාක්ෂියකි. එසේම ඒ හා සමාන ව්‍යාපෘතියක් විවෘත කිරීම සඳහා අසර්බයිජානය වෙත ගිය ඔහුගේ අවසන් සංචාරයද කලාපීය සහයෝගීතාව සහ අනෝන්‍ය සෞභාග්‍යය වෙනුවෙන් වූ ඔහුගේ දැඩි කැපවීම අවධාරණය කරයි.

සහයෝගීතාව, සංවර්ධනය සහ මිත්‍රශීලී සබඳතා දිරි ගැන්වීම පිළිබඳ ඔහුගේ ආදර්ශය, ඉරානය තුළත් පොදුවේ මැදපෙරදිග පුරාමත් අඛණ්ඩ සංවර්ධනය සහ ස්ථීරසාරභාවය සහතික කරමින් ඔහුගේ අරමුණ ඉදිරියට ගෙන යනු වස් ඉරාන ජනතාව නිසැක ලෙසම ප්‍රබෝධමත් කරනු ඇති බවට ජාතික ජන බලවේගය ලෙස අපට විශ්වාසය.
මෙම ඛේදජනක අවස්ථාවේ ඉරාන ජනතාවට අපි අපේ දැඩි සහයෝගීතාව පළ කර සිටිමු.

අනුර කුමාර දිසානායක
නායක
ජාතික ජන බලවේගය
2024.05.21

Latest News

More like this

පරාජය වුණේ අයවැය නෙවෙයි.. හෘද සාක්ෂිය.. කොළඹ පුරපතිනිය කියයි..

පරාජය වුණු කොළඹට මාළිමාවෙන් තවත් අයවැයක්? කොළඹ මහ නගර සභාවේ...

ග්‍රාමාරක්ෂක තනතුර සඳහා විභාගයට 8000ක් ගුවන් පථයක බිම ඉන්දවලා…

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ ග්‍රාමාරක්ෂක තනතුර සඳහා බඳවා ගැනීමේ තරග...

ආපදාවට ලක් වූ ව්‍යාපාරිකයන්ට මිලියන 25 දක්වා ණයක්

2026 වසරේ රජයෙන් ලබා දෙන සහන පොලී ණය ක්‍රමය...