එයාලා යාලුවො මල්ලි : රනිල් මහා භාණ්ඩාගාරයේ සල්ලි කාවින්දට, මාන්නප්පෙරුමට, හර්ෂට ලෝබ නැතුව විසි කරන හේතුව

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කරන ලද සංවර්ධන ව්‍යාපෘති කිහිපයකට සෘජුව මුදල් ලබා දීමට පියවර ගෙන ඇති බව වාර්තා වී තිබෙනවා.

සමගි ජනබලවේගයේ කාවින්ද ජයවර්ධන සහ අජිත් මාන්නප්පෙරුම මෙන්ම හර්ෂ සිල්වා වෙත ද මෙසේ මුදල් ලබා දී ඇති බවයි සඳහන් වෙන්නේ.

කාවින්ද ජයවර්ධන සහ අජිත් මාන්නප්පෙරුම යන සජබ මන්ත්‍රීවරු විසින් ඉදිරිපත් කර තිබෙන ව්‍යාපෘති යෝජනා සදහා රුපියල් මිලියන පනහක් සහ හැටක් වශයෙන් මුදල් ලබා දීමට කටයුතු කර ඇති ජනාධිපතිවරයා හර්ෂද සිල්වා මන්ත්‍රීවරයා විසින් සෘජුව ජනාධිපතිවරයා වෙත යොමු කර තිබුණු ව්‍යාපෘති රැසක් වෙනුවෙන් ද රුපියල් මිලියන පනහකට වඩා වැඩි මුදලක් ලබා දීමට ජනාධිපතිවරයා මීට පෙර පියවර ගෙන තිබුණා.

පොහොට්ටු පක්ෂ මන්ත්‍රීවරු විසින් දිස්ත්‍රික් සංවර්ධන කමිටු හරහා ඉදිරිපත් කර තිබෙන ව්‍යාපෘති සදහා මුදල් ලබා දීමට මහාභාණ්ඩාගාරය අදි මදි කරන බවට එම පක්ෂයේ මන්ත්‍රීවරු චෝදනා කරන තත්ත්වයක සමගි ජන බලවේගයට මුදල් ලබා දීම ගැටලු සහගත බවයි අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මෙය ජනපති රනිල් වික්‍රමසිංහ සජබ මන්ත්‍රීවරු සිය මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් දිනා ගැනීමේ මෙහෙයුමේ කොටසක් බව පැවසෙනවා. පසුගිය පාස්කු ඉරිදා දින ජනාධිපතිවරයා කාවින්ද ජයවර්ධන සජබ මන්ත්‍රීවරයාගේ නිවසේ රාත්‍රී භෝජනයකට සහභාගී වී ඇති බවත්, එම අවස්ථාව සදහා පක්ෂයේ තවත් මන්ත්‍රීවරු පිරිසක් සහභාගී වී ඇති බවත් මාධ්‍ය වාර්තා පළ වී තිබුණා.

Latest News

More like this

ආධාර හරියට බෙදනවාදැයි නිරීක්ෂණයට සජිත්ගෙන් ආපදා තොරතුරු කේන්ද්‍රයක්

දිට්වා සුළි කුණාටුව නිසා අපදාවට පත් ජනතාව සම්බන්ධයෙන් තොරතුරු...

යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 1.8ක පරිත්‍යාගයක්

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක හදිසි මානුෂීය...

Google Map හි ශ්‍රී ලංකාවේ මාර්ග යාවත්කාලීන කරයි

Google Map හි A හා B මාර්ග සිතියම් යාවත්කාලීන...

Rebuilding Sri Lanka අරමුදලට ලැබුණ ආධාර රු බිලියන 1.8 පනී

'දිට්වා' සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු රට නැවත...