රනිල් අලුත් ලකුණකින්. සජබෙ 80% ක් දැනටමත් රනිල් අතේ – ආශු මාරසිංහ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අලියා, පොහොට්ටුව හැර සම්පූර්ණයෙන්ම අලුත් ලකුණකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ඉඩ ඇති බව ජ්‍යෙෂ්ඨ ජනාධිපති උපදේශක ආශු මාරසිංහ මහතා පවසනවා.

මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ඔහු පැවසුවේ ජනාධිපති වික්‍රමසිංහ මහතා ජාතික අපේක්ෂකයෙකු ලෙස පක්ෂ ගණනාවක් නියෝජනය කරන බවයි.

“අලියා ලකුණින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණොත් වික්‍රමසිංහ මහතාට සහය දීම සම්බන්ධයෙන් තමා ඇතුළු බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් තිබෙන බව ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා වැනි අය කියා තිබෙනවා. ඒ වගේ ම එක්සත් ජාතික පක්ෂයේ අපිටත් ප්‍රශ්නයක් තියෙනවා එතුමා පොහොට්ටුවෙන් තරග කිරීම ගැන. ඒ නිසා වික්‍රමසිංහ මහතා අලුත් ලකුණකින් තරග කරන්න බලාපොරොත්තු වෙනවා.”

ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ සියයට 80කට වැඩි පිරිසක් වික්‍රමසිංහ මහතාට සහය පළ කරන බවද ඔහු පවසා තිබෙනවා.

“සජප සහ එජාප යන දෙකම එකතු විය යුතු බවට සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරල මහත්මිය ඉදිරිපත් කළ යෝජනාව අපි සාදරයෙන් පිළිගෙන තිබෙනවා. එවැනි පියවරකට එරෙහි වීමට සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා තීරණය කළත් සජබ හි අනෙකුත් අය වික්‍රමසිංහ මහතාට සහාය දෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කළා.

එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය යන දෙකම එකම දිනයක පැවැත්වීමට නොහැකි බවද ඔහු කියා සිටියා.

Latest News

More like this

ට්‍රම්ප්ට ඩිමෙන්ෂියා ද?

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරිදා FIFA Club ලෝක...

යුක්‍රේනයට මොස්කව් ඉලක්ක කිරීමට ඉඩ දෙන්නේ නැහැ… ට්‍රම්ප්කියයි

යුක්‍රේනය මොස්කව් ඉලක්ක නොකළ යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

ඇසළ පෙරහරේ ආසන රු 65,000ට නගී

මහනුවර ඇසළ පෙරහර මංගල්ලයේ නැරඹුම් ආසන ටිකට්පත් රුපියල් 50,000ත්...

වෛද්‍ය මහේෂිට ඇප… ජපුර රෝහලට ඇතුළුවීම තහනම්

ශල්‍ය උපකරණ ඉහළ මිල ගණන්වලට රෝගීන්ට විකිණීම තුළින් දූෂණය...
error: Content is protected !!