කතානායක ගැන විශ්වාසයක් නෑ. ජාත්‍යන්තරයටත් පැමිණිලි.

තමාට විපක්ෂය එල්ල කළ චෝදනා පදනම් විරහිත බව කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවත් ඔහුගේ පවුලේ අය දරන ආණ්ඩුවේ තනතුරු පිළිබඳ චෝදනාව ඇතුළු චෝදනා කිහිපයකට පිළිතුරු නොදුන් බව කියා මන්ත්‍රීවරු කිහිපදෙනෙක් ජාත්‍යන්තර සංවිධාන වලට පැමිණිලි කිරීමට සූදානම් බව හෙළිදරව් වේ.

ඒ අනුව මහින්ද යාපා අබේවර්ධන කතානායකවරයාට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාවේ විවාදයේ සියලුම කතා ඇතුළත් හැන්ඩ්සාර්ඩ් ජාත්‍යන්තරයට යොමු කෙරෙනු ඇත.

එම හැන්ඩ්සාර්ඩ් අන්තර් පාර්ලිමේන්තු සංගමයට ඒ අනුව යොමු කෙරෙන බව වාර්තා වේ.

ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක කතානායක මහින්ද යාපා අබේවර්ධනට චෝදනා කළේ “වසන්ත යාපා අබේවර්ධන, පුද්ගලික කාර්යමණ්ඩලයේ පුද්ගලික ලේකම්වරයා. ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්, සමන්ත යාපා අබේවර්ධන.

ඔහුගේ මාධ්‍ය ලේකම්, ඉඳුනිල් යාපා අබේවර්ධන. ඔහුගේ තවත් නිලධාරියෙක්, චාමර සී. යාපා අබේවර්ධන.

ඔහුගේ පවුල ගෙනාවා මේ පාර්ලිමේන්තුව ඇතුළට. ඔහුගේ එක පුතෙක් ලොතරැයි මණ්ඩලයේ සභාපති බවට පත්වෙනවා. ඒ කියන්නේ මුදල් අමාත්‍යවරයා විසින් පත්කරන ලද නිලධාරියෙක්. ඔහු සම්බන්ධීකරණ කමිටුවක සභාපතිවරයා බවට පත්වෙනවා. සම්බන්ධීකරණ කමිටුව විධායකයේ කොටසක් යනුවෙනි.

Latest News

More like this

මුහම්ම්ද් නබිතුමන්ට කාටුනයකින් අපහාස කළ තුර්කියේ මාධ්‍යවේදීන් සිව් දෙනෙක් අත්අඩංගුවට

මාධ්‍ය මර්දනය සම්බන්ධයෙන් කලු පැල්ලම් සහිත ඉතිහාසයක් ඇති තුර්කිය...

ඉන්දියාවේ ජනප්‍රිය තාරකාවක් හදිසියේම ජීවිතක්ෂයට

Big Boss 13 රියැලිටි වැඩසටහන ඔස්සේ ජනප්‍රිය වූ ෂෙෆාලි...

බදුවලින් බේරෙන්න ගහපු ගේමක් මාට්ටු වී ආනයනය කළ වාහන 300 ක් යළි හරවා යවයි

වාහන ආනයනයේදී සිදුවූ වංචාවක් අනාවරණය කර ගැනීමෙන් අනතුරුව වාහන...
error: Content is protected !!