කලාකරුවන්ට ප්‍රාග්ධනය එන්නත් කරන වැඩපිළිවෙළක් නැතිවුණොත් ඉදිරිය භයානක වේවි – කලාව පාතාලය හා ජාවාරමුන් අතට ගියොත් වෙන දේ

මෙරට පවතින සමාගම් සංස්කෘතිය තුළ කලාකරුවන් වෙත ප්‍රාග්ධනය එන්නත් කරන වැඩපිළිවෙළක් නිර්මාණය කිරීම ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කළ යුතු බව දීප්ති කුමාර ගුණරත්න මහතා පවසා තිබෙනවා.

එසේ නොවන තාක්කල් කලාකරුවන් ජාවාරම්කරුවන් හෝ නීති විරෝධී ලෙස මුදල් උපයන්නන්ගේ ගොදුරු බවට පත් වීම වැළැක්විය නොහැකි බවයි ඔහු සඳහන් කරන්නේ.

ඇමරිකාව එංගලන්‍තය, ප්‍රංශය, ජර්මනිය වැනි ලෝකයේ දියුණු රටවල ආණ්ඩු නිර්මාණකරුවන් සඳහා මුදල් යෙදවීමට ඔවුන්ගේ සමාගම්වලටම යෝජනා කරනු ලබයි.

“ඒ රටවල පාලක පන්තිය දන්නවා එහෙම සල්ලි නොදුන්නොත් නීති විරෝධී ජාවාරම්කරුවෝ තමයි කලාකරුවන්ට සල්ලි දෙන්නෙ කියලා. මම හිතන්නෙ අපේ රටෙත් ජනාධිපතිවරයාගෙත් අවධානයට ලක් වෙන්න ඕන අපේ නිර්මාණකරුවන්ට තියෙන ප්‍රධාන ගැටලුව තමයි ප්‍රාග්ධනය නැති කම. නිර්මාණ ආවේශය කියන එක තියෙනවනේ. ඒ මිනිස්සු බලන්නෙ කාගෙන් හරි සල්ලි ටිකක් හොයාගෙන තමන්ගේ නිර්මාණය කරන්න. එහෙම නොවුණොත් වෙන්නෙ පාතාලය මත්ද්‍රව්‍ය වගේ අය අනිවාර්යයෙන් මේවට සල්ලි දානවා. දාලා පස්සෙ විකාර වෙනවා.

ඉස්සර නම් කලාවට උදව් කරන්න කියලා සමාගම් කීපයක් යෝජනා කරල තිබුණා. ජෝන් කීල්ස්, ධම්මික පෙරේරාවගේ ඉතාම හොඳ සමාගම්වලට අපට යෝජනා කරන්න පුළුවන් නම් ටෙලිනාට්‍ය හදන චිත්‍රපට හදන නිර්මාණකරුවන්ට නිල වශයෙන් ක්‍රමයක්. සංස්කෘතික දෙපාර්තමේන්තුව මුදල් අමාත්‍යාංශය එකතුවෙලා. මේක අලුත් ප්‍රශ්ණයක්. මේ නිසා කලාකරුවන් කිහිප දෙනෙක්ගෙ නම් විනාශ වෙලා යන්න පටන් අරන් තියෙනවා.

Latest News

More like this

එක්සත් රාජධානියට තීරුබදු රහිතව භාණ්ඩ අපනයනය කිරීමට ලංකාවටත් වරම්..

ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලින් සිදුකෙරෙන ආනයන...

ට්‍රම්ප්ගේ තීරුබදු ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට කරන බලපෑම

එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති තීරුබදු හේතුවෙන් ශ්‍රී...

එක්සත් ජනපදය සමඟ ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුමක් පිළිබඳව නියෝජ්‍ය ඇමතිගෙන් ඉඟියක්

එක්සත් ජනපද තීරු බදු ක්‍රියාත්මක වන අගෝස්තු 1 වන...

සිය හෝටලය විනාශ කළ බව පිළිගත් අරගලකරුවන්ට ජොන්ස්ටන් සමාව දෙයි

2022 වසරේ මැයි මස 09 වනදා ගාලු මුවදොර ගෝඨා...
error: Content is protected !!