කාලෝ අයං තේ – මේක හොඳම අවස්ථාව – රට හරි පැත්තට ගෙනියන්න – රතන හිමි මාළිමාවට හැරෙයි

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජාතික ජන බලවේගය සමඟ එක්වීමට නියමිත බවට වන ප්‍රචාරයන්ගේ කිසිදු සත්‍යතාවක් නොමැති බව වගකීමෙන් පවසන බව අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කර තිබෙනවා.

එසේ නමුත් ඉදිරියේ දී තමන් විසින් නිර්මාණය කරනු ලබන ප්‍රතිපත්ති රාමුව මාළිමාව ඇතුළු අනෙකුත් සෑම දේශපාලන පක්ෂයකටම ලබා දීමට සූදානම් බව උන්වහන්සේ ප්‍රකාශ කළා.

එමෙන්ම ප්‍රධාන පක්ෂ දෙක එකවර බිඳී ගිය අවස්ථාවක් ලෝක ඉතිහාසයේ නැති බව ප්‍රකාශ කළ උන්වහන්සේ ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක පිළිබඳ සඳහන් කරමින් පැවසුවේ හොඳම අවස්ථාව එළැඹී ඇති බවයි.

ඉදිරි ජනාධිපතිවරණයේ දී පංචස්කන්ධය මූලික කරගත් දේශපාලනයක් පිළිබඳ තමන් තුළ විශ්වාසයක් නැති බව ද උන්වහන්සේ සඳහන් කර තිබෙනවා.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ යූ ටියුබ් අවකාශයේ සංවාදයකට එක් වෙමිනි.

“අපි මෛත්‍රීපාල සිරිසේන මහත්තයා එක්ක ගියා. මහින්ද රාජපක්ෂ මහත්තයා එක්ක ගියා. අපි හැම තිස්සෙම තේරුවේ සාපේක්ෂව. දෙන්නෙක් ඉන්නව නම් වඩා නරක මිනිහා අත ඇරල හොඳ මිනිහා තෝරගන්න එක. හොඳයි කිව්ව දෙන්නම සමාජෙ ප්‍රතික්ෂේප කළා.

අපි තනියෙන් ඇවිත් බලයක් හදන්න හැදුවට හරියන්නෙ නෑ. මිනිස්සු හුරු වෙලා ඉන්නෙ රදළ, ප්‍රභූ චරිතවලට. ඒ වගේම විශාල ධනස්කන්දයක් විසින් මවන ප්‍රචාරක මැජික් එකට.

කාලෝ අයන්තේ. දැන් කාලය ඇවිත් තියෙනවා. ප්‍රධාන පක්ෂ දෙකම එකවිට කැඩිලා බිඳිලා ගිය වෙලාවක් නෑ ලෝකෙ කොහේවත්. මේක හොඳ අවස්ථාවක්. රට හරි පැත්තට ගෙනියන්න. අනුර කුමාර දිසානායක වගකියන්නෙ කොමියුනිස්ට් පක්ෂයකට. අපි මුලින්ම කරන්න ඕන පුළුල්ව හිතන මහා සභාවක් හදන එක. ඒ මහා සභාව ඇතුළෙ තමයි ඊලඟ ජනාධිපති අපේක්ෂකයා ඉදිරිපත් වෙන්න ඕන.

Latest News

More like this

මාතලේ මිනී ඇටකටු ගැන කියමින් මගේ දේශපාලන ජීවිතය විනාශ කිරීමේ උත්සහයක් පවතිනවා.. රෝහිණි කවිරත්න

88-89 වකවානුවේ හා එල්.ටී.ටී.ඊ සංවිධානය දළඳා මාළිගාවට එල්ල කළ...

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...
error: Content is protected !!