වීසා ජාවාරමෙන් රටට අහිමි ආදායම කෝටි 1000ක්

රටට ඇතුලු වෙන සංචාරකයින් සඳහා වීසා ලබා දීමේ ක්‍රියාවලිය ඉන්දියානු සමාගමක් වෙත ලබා දීමෙන් දළ වශයෙන් රටට කෝටි 1000 ක පමණ ආදායමක් අහිමි වී ඇති බව ජාතික ජන බලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ මහතා පවසනවා.

වසරකට මෙරටට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණයෙන් ගණනය කර බැලූවිට රටේ සුභ සාධක ක්‍රියාවලි සඳහා යෙදවිය හැකි විශාල ධනස්කන්ධයක් විදෙස් සමාගමක් විසින් රැගෙන යන බව ඔහු පෙන්වා දෙනවා.

ගියවසරේ මෙරටට පැමිණි ලක්ෂ 20 ක සංචාරකයින් ප්‍රමාණය අනුව සැසඳමේදී එය කෝටි 1000ක අලාභයක් බවයි ඔහු පවසන්නේ.

එම ජාවාරම පිටුපස අනිවාර්යයෙන් ප්‍රබල ඇමතිවරු පිරිසක් සිටින බව ඔහු සඳහන් කළා.

ලෝකයේ සෑම රටකම එම රටවලට ඇතුළුවන පුද්ගලයින් සඳහා වීසා ලබා දෙන්නේ එම රටවල ආගමන විගමන ක්‍රියාවලිය හරහා බවත් අපේ රටේ එම ක්‍රියාවලිය ඉන්දියානු සමාගමකට ලබා දීම පිටුපස දැවැන්ත වංචාවක් සිදුව ඇති බවයි ඔහු පැවසුවේ.

Latest News

More like this

රජයේ වෛද්‍යවරුන්ගෙන් අද සිට පිටින් බේත් ගන්න තුණ්ඩු නෑ

දිවයින පුරා සියලු‍ රෝහල්වල වෛද්‍යවරුන් පිටතින් ඖෂධ ගැනීම සඳහා...

ආරුගම්බේදී විදෙස් කතට අතවර කළ සැකකරු අත්අඩංගුවට

ආරුගම්බෙ ප්‍රදේශයේදී විදේශීය කාන්තාවකට ලිංගික අතවර සිදු කිරීම සම්බන්ධයෙන්...

ගුරුවරියක් ලබා දුන් දඬුවමක් නිසා සිසුවියක් ජීවිතක්ෂයට !

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පල්ගාර්හි පෞද්ගලික පාසලක 6 වන ශ්‍රේණියේ...

බැසිල් සහ අර්ජුන මහේන්ද්‍රන් ‘ටාගට්’ කරගෙන ලොකු ගේමක් පටන් අරන්!

ආණ්ඩුව මේ වනවිට ඉතා රහසිගත අයුරින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ...