හෙළා දකින අතර සෑම ආකාරයකම ළමා අපයෝජනවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා නීති ක්‍රියාත්මක කිරීම කඩිනම් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
සිය X ගිණුමේ සටහනක් තබන ජනාධිපතිවරයා පවසන්නේ, දරුවාගේ යහපැවැත්මට ප්‍රමුඛත්වය දිය යුතු බවත්, එවැනි අපයෝජනයන් හේතුවෙන් ළමයින්ට කල්පවත්නා කම්පනයන් ඇති කළ හැකි බවයි.
පසු ගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ සහ දැඩි කම්පනයක් ඇති කළ සිව් හැවිරිදි දරුවකුට අමානුෂික ලෙස පහර දෙන වීඩියෝව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව පවසා තිබෙනවා.
සමාජ මාධ්‍යවල බහුලව හුවමාරු වූ මෙම වීඩියෝව හේතුවෙන් ළමා අපයෝජන චෝදනා මත අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගන්නා ලෙස ජනතාව බලධාරීන්ගෙන් ඉල්ලා සිටියා.
“අවුරුදු 4 ක දැරියකට අමානුෂික ලෙස පහරදීම රටම භීතියට පත් කර තිබෙනවා. අධිකරණ ක්‍රියාවලිය ඔස්සේ අපරාධකරුවන්ට ආමන්ත්‍රණය කරන අතරම, අපි දරුවාගේ යහපැවැත්මට ප්‍රමුඛත්වය දිය යුතු අතර, ඒ සඳහා රාජ්‍ය නිලධාරීන්ගේ කඩිනම් සහ තීරණාත්මක ක්‍රියාමාර්ග අවශ්‍ය වෙනවා ”යැයි ජනාධිපති වික්‍රමසිංහ මහතා සිය පණිවිඩයෙහි සඳහන් කර තිබෙනවා.