කොලිවුඩ් නළු විජේ ඇන්ටනිගේ 16 හැවිරිදි දියණිය සියදිවි හානි කරගනී

ඉන්දියාවේ සුප්‍රසිද්ධ නළුවෙකු සහ සංගීත අධ්‍යක්ෂකවරයෙකු වන විජේ ඇන්ටනිගේ නිවසේදී ඔහුගේ 16 හැවිරිදි දියණිය සිය දිවි හානි කර ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

නව යොවුන් වියේ පසුවන ඇය ඇගේ තේනාම්පෙට් (Theynampet) නිවසේ ගෙල වැලලාගෙන සිටියදී අලුයම සොයා ගන්නා ලදී. වහාම ක්‍රියාත්මක වී ඇයව නගරයේ රෝහලකට රැගෙන ගොස් ඇති අතර වෛද්‍යවරුන් පවසන්නේ ඇය රෝහලට ඇතුළත් කළ පසු මිය ගොස් ඇති බවයි.

මියගිය දැරිය ඇන්ටනීගේ දියණියන් දෙදෙනාගෙන් එක් අයෙක් බව පැවසේ. ඇය පෞද්ගලික පාසලක 12 පන්තියේ අධ්‍යාපනය හදාරමින් සිටි බව වාර්තා පවසයි.

මෙම ඛේදජනක සහ අස්වාභාවික මරණය සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිසිය පවසා ඇත.

Latest News

More like this

ග්‍රාමාරක්ෂක තනතුර සඳහා විභාගයට 8000ක් ගුවන් පථයක බිම ඉන්දවලා…

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ ග්‍රාමාරක්ෂක තනතුර සඳහා බඳවා ගැනීමේ තරග...

ආපදාවට ලක් වූ ව්‍යාපාරිකයන්ට මිලියන 25 දක්වා ණයක්

2026 වසරේ රජයෙන් ලබා දෙන සහන පොලී ණය ක්‍රමය...

ශාන්ත පද්ම කුමාරගේ සිදුවීමට අදාළ පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පත්ම...

අධ්‍යාපන අමාත්‍යාංශය සිරිමාවෝ විදුහල්පතිනියගෙන් වාර්තාවක් කැඳවයි

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ මෑතකදී පැවති වර්ණ සම්මාන ප්‍රදානය කිරීමේ...