මාසයක් ජිවත් වෙන්න අවශ්‍ය මුදල මෙන්න..

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින, 2023 ජුලි මාසයට අදාළ මාසික දරිද්‍රතා රේඛා සටහන මේ වන විට නිකුත් කර ඇත.

එහි සඳහන් වන පරිදි, මෙරට එක් පුද්ගලයෙකු සිය අවම මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා මාසයක් තුළ දැරිය යුතු වියදම දැක්වෙන්නේ රු. 15,978 ක් ලෙසිනි. ජාතික අගයයක් ලෙසින් දැක්වෙන මෙම වටිනාකම පසුගිය 2023 ජූනි මාසයේ දී රු. 16,089 ක් ලෙසින් සටහන්ව තිබුණි.

2023 ජූලි මාසයේ ඉහත අගයයට අනුව සිව්දෙනෙකුගෙන් යුත් පවුලකට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මසකට අවශ්‍ය අවම වියදම රු. 63,912 ක් වනු ඇත.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ මෙම වාර්තාවට අනුව සිය මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා මසකට වැඩිම වියදමක් දැරීමට සිදුව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කය තුළ ජීවත් වන අයෙකුටයි. එය රු. 17,233 කි. 2023 ජූනි මාසයේ දී මෙම අගය රු. 17,352 ක් ලෙසින් සටහන්ව ඇත.

මෙහි අවම අගය වාර්තා වන්නේ මොණරාගල දිස්ත්‍රික්කයෙන් වන අතර එම අගය රු. 15,278 ක් වේ. 2023 ජූනි මාසයේ දී මෙම අගය රු. 15,383 ක් ලෙසින් වාර්තා වී තිබුණි.

අදාළ සම්පූර්ණ සටහන පහතින් දැක්වේ.

– Adaderana

Latest News

More like this

රජයේ වෛද්‍යවරුන්ගෙන් අද සිට පිටින් බේත් ගන්න තුණ්ඩු නෑ

දිවයින පුරා සියලු‍ රෝහල්වල වෛද්‍යවරුන් පිටතින් ඖෂධ ගැනීම සඳහා...

ආරුගම්බේදී විදෙස් කතට අතවර කළ සැකකරු අත්අඩංගුවට

ආරුගම්බෙ ප්‍රදේශයේදී විදේශීය කාන්තාවකට ලිංගික අතවර සිදු කිරීම සම්බන්ධයෙන්...

ගුරුවරියක් ලබා දුන් දඬුවමක් නිසා සිසුවියක් ජීවිතක්ෂයට !

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පල්ගාර්හි පෞද්ගලික පාසලක 6 වන ශ්‍රේණියේ...

බැසිල් සහ අර්ජුන මහේන්ද්‍රන් ‘ටාගට්’ කරගෙන ලොකු ගේමක් පටන් අරන්!

ආණ්ඩුව මේ වනවිට ඉතා රහසිගත අයුරින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ...