කොලිවුඩ් නළු විජේ ඇන්ටනිගේ 16 හැවිරිදි දියණිය සියදිවි හානි කරගනී

ඉන්දියාවේ සුප්‍රසිද්ධ නළුවෙකු සහ සංගීත අධ්‍යක්ෂකවරයෙකු වන විජේ ඇන්ටනිගේ නිවසේදී ඔහුගේ 16 හැවිරිදි දියණිය සිය දිවි හානි කර ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

නව යොවුන් වියේ පසුවන ඇය ඇගේ තේනාම්පෙට් (Theynampet) නිවසේ ගෙල වැලලාගෙන සිටියදී අලුයම සොයා ගන්නා ලදී. වහාම ක්‍රියාත්මක වී ඇයව නගරයේ රෝහලකට රැගෙන ගොස් ඇති අතර වෛද්‍යවරුන් පවසන්නේ ඇය රෝහලට ඇතුළත් කළ පසු මිය ගොස් ඇති බවයි.

මියගිය දැරිය ඇන්ටනීගේ දියණියන් දෙදෙනාගෙන් එක් අයෙක් බව පැවසේ. ඇය පෞද්ගලික පාසලක 12 පන්තියේ අධ්‍යාපනය හදාරමින් සිටි බව වාර්තා පවසයි.

මෙම ඛේදජනක සහ අස්වාභාවික මරණය සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිසිය පවසා ඇත.

Latest News

More like this

යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 1.8ක පරිත්‍යාගයක්

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක හදිසි මානුෂීය...

Google Map හි ශ්‍රී ලංකාවේ මාර්ග යාවත්කාලීන කරයි

Google Map හි A හා B මාර්ග සිතියම් යාවත්කාලීන...

Rebuilding Sri Lanka අරමුදලට ලැබුණ ආධාර රු බිලියන 1.8 පනී

'දිට්වා' සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු රට නැවත...

සහන මුදල් සතපහක් ආපසු හරවා එවන්න එපා.. ජනපති අනුරගෙන් උපදෙස්

ආපදාවට ලක් වූ ස්ථානවල යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් මෙම...