ගම්පෙළ අතුරුදන්ව සිටි තරුණිය මරා දමලා?

ගම්පොළ ප්‍රදේශයෙන් අතුරුදහන් වූ තරුණිය ඝාතනය කර ඇති බවට එම ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.

ප්‍රදේශයේ එළුවන් ඇති කරන පුද්ගලයෙක් ඇයට බලහතකාරකම් කිරීමට උත්සහ කළ අවස්ථාවේ ඇය ප්‍රතික්ෂේප කිරීම නිසා ඇය කැලෑ බද ප්‍රදේශයකට ඇදගෙන ගොස් මරා වළ දැමූ බවට අත්අඩංගුවට ගත් එම තරුණයා පවසා ඇතැයි පොලිසිය කියයි.

ගම්පොළ ඖෂධ හලක සේවය කරන මෙම තරුණිය ඉකුත් 5 වැනි අතුරුදහන්වී තිබුණි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා,

“මේ සම්බන්ධයෙන් සැකකරුවෙක්ව පොලීසිය අත්අඩංගුවට ගත්තා. ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වුණේ, ඔහු එම ප්‍රදේශයේ එළුවන් ඇති කරන පුද්ගලයෙක්. එළුවන්ට ආහාර සඳහා තණකොළ කැපීමට ගිය අවස්ථාවකදී තරුණිය ඒ මාර්ගයේ ගමන් කර තිබෙන බව.”

“දැනට තිබෙන තොරතුරු අනුව ඔහු ඒ අවස්ථාවේදී උත්සාහ කරලා තිබෙනවා ඇයට අතවර කරන්න. ඇය එය ප්‍රතික්ෂේප කිරීම නිසා මෙම සැකකරු විසින් ඇයව කැළෑබද ප්‍රදේශයකට රැගෙන ගොස් තිබෙනවා.”

“එහිදී ඝාතනය කර තිබෙන බවට තමයි දැනට තිබෙන කරුණු අනුව නිරීක්ෂණය වෙන්නේ. ඝාතනයෙන් පසු සිරුර එම ස්ථානයේදීම වළදමා තිබෙනවා. නමුත් සිරුර මෙතෙක් හමුවී නැහැ.”

“අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 24ක එම ප්‍රදේශයේම තරුණයෙක්. ඔවුන් එකිනෙකා හඳුනන අය බවත් වාර්තා වුණා.”

තම සේවා ස්ථානයට යාම සඳහා ඉකුත් ඉරිදා උදෑසන නිවසින් පිටත්වූ ගම්පොළ ප්‍රදේශයේ ඔසුසලක සේවය කළ ෆාතිමා දින 5ක සිට අතුරුදන්වී තිබුණි.

බස් රථයක් ලබාගැනීම සඳහා නිවසේ සිට කිලෝමීටර 2ක් පමණ පාගමනින් වැලිගල්ල දක්වා යායුතු අතර එම මාර්ගයේ බොහෝ ස්ථාන පාළු ස්වභාවයක් ගනී.

කෙසේවෙතත්, නිවසේ සිට මීටර් 100ක් පමණ ඉදිරියට යාමේදී හමුවන ඇල්පිටිය මුස්ලිම් පල්ලියේ CCTV කැමරාවෙහි ෆාතිමා මාර්ගයේ ගමන් කරන අයුරු දක්නට තිබුණි.

ඉන් තවත් මීටර් 50ක් පමණ ඉදිරියට යාමේදී හමුවන CCTV කැමරාවේ ෆාතිමා මාර්ගයේ ගමන් කරන දර්ශනයක් සටහන්වී නොමැති අතර කිසිදු ප්‍රදේශවාසියෙකු ද ඇයව දැක නොමැත.

ඒ අනුව ගම්පොළ පොලීසිය සහ ප්‍රදේශවාසීන් ඊයේ (11) ගම්පොළ වැලිගල්ල මහවැලි ගඟ ඉවුර හා ඒ අසල කැළෑබඳ ප්‍රදේශවල සෝදිසි මෙහෙයුමක් දියත් කර තිබුණි.

Latest News

More like this

එක්සත් රාජධානියට තීරුබදු රහිතව භාණ්ඩ අපනයනය කිරීමට ලංකාවටත් වරම්..

ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලින් සිදුකෙරෙන ආනයන...

ට්‍රම්ප්ගේ තීරුබදු ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට කරන බලපෑම

එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති තීරුබදු හේතුවෙන් ශ්‍රී...

එක්සත් ජනපදය සමඟ ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුමක් පිළිබඳව නියෝජ්‍ය ඇමතිගෙන් ඉඟියක්

එක්සත් ජනපද තීරු බදු ක්‍රියාත්මක වන අගෝස්තු 1 වන...

සිය හෝටලය විනාශ කළ බව පිළිගත් අරගලකරුවන්ට ජොන්ස්ටන් සමාව දෙයි

2022 වසරේ මැයි මස 09 වනදා ගාලු මුවදොර ගෝඨා...
error: Content is protected !!