තුවාල ලැබූවන් සහ අනෙකුත් පලස්තීනුවන් ගෙන් පිරී ඉතිරී ගිය ගාසා නගරයේ Al -Ahli රෝහලේ ඊයේ (16) සිදු වූ දැවැන්ත පිපිරීමෙන් සිදුවූ පිපිරීමෙන් අවම වශයෙන් 500 දෙනෙකු මිය ගිය බව හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
හමාස් සංවිධානය ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයට දොස් පැවරූ අතර “ගාසා හි රෝහලට පහර දුන් අසාර්ථක රොකට් දියත් කිරීම සඳහා ඉස්ලාමීය ජිහාඩ් වගකිව යුතු බව ඊශ්‍රායලය පවසා ඇත.
මාධ්‍ය ප්‍රකාශක ඩැනියෙල් හගාරි මාධ්‍ය හමුවකදී කියා සිටියේ විරාමය පවතින අවස්ථාවේ ඊශ්‍රායලය රෝහල අසල කිසිදු ගුවන් මෙහෙයුමක් සිදු නොකළ බවත් භාවිතා කළ රොකට් ඔවුන්ගේ උපකරණවලට නොගැලපෙන බවත්ය.
කෙසේ වෙතත් රෝහල් සංහාරය හේතුවෙන් කලාපය පුරා කෝපය පැතිර ගිය අතර, යුද්ධය පැතිරීම නැවැත්වීමේ අපේක්ෂාවෙන් ජනාධිපති ජෝ බයිඩන් සමඟ අද අම්මාන් හි පැවැත්වීමට නියමිතව තිබූ කලාපීය සමුළුව අවලංගු කිරීමට ජෝර්දානය කටයුතු කර තිබේ.
“ගාසා හි අල් අහ්ලි අරාබි රෝහලේ පිපිරුම සහ එහි ප්‍රතිඵලයක් ලෙස සිදු වූ බිහිසුණු ජීවිත විනාශය ගැන මම කෝපයට හා දැඩි ශෝකයට පත් වෙමි. මෙම ප්‍රවෘත්තිය දැනගත් වහාම මම ජෝර්දානයේ II අබ්දුල්ලා රජු සහ ඊශ්‍රායල අගමැති නෙතන්යාහු සමඟ කතා කළ අතර ඇත්ත වශයෙන්ම සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳ තොරතුරු රැස් කිරීම දිගටම කරගෙන යන ලෙස මගේ ජාතික ආරක්ෂක කණ්ඩායමට උපදෙස් දුනිමි. ගැටුම් අතරතුර සිවිල් ජන ජීවිතය ආරක්ෂා කිරීම සඳහා එක්සත් ජනපදය අවිවාදයෙන්ම පෙනී සිටින අතර මෙම ඛේදවාචකයෙන් මියගිය හෝ තුවාල ලැබූ රෝගීන්, වෛද්‍ය කාර්ය මණ්ඩලය සහ අනෙකුත් අහිංසකයින් වෙනුවෙන් අපි ශෝක වෙමු” යයි ජනපති බයිඩන් පවසා තිබෙනවා.
කෙසේ වෙතත් ජනපති බයිඩන්ගේ සංචාරය අවලංගු කර නැති අතර එය ඊශ්‍රායලයට පමණක් සීමා වනු ඇති බව ධවල මන්දිර නිලධාරියෙක් පැවසීය.
Al-Ahli රෝහලේ පිපිරීමේ ජ්‍යාත්‍යන්තර මාධ්‍ය ආයතන විසින් තහවුරු කරනු බිහිසුණු දර්ශන වලින් පෙන්නුම් කරන්නේ රෝහල මුළුමනින්ම ගින්නෙන් විනාශ වී ඇති ආකාරයයි. රෝහල් භූමිය සිරුරු වලින් වැසී ඇති ආකාරයත්, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් කුඩා දරුවන් බවත් එම දර්ශන තහවුරු කරනු ලබයි.