ගෝඨාභයගේ ජනාධිපතිවරණ සටනට කාදිනල් හිමිපාණන් රැගෙන ගියේ අතුරු ලියේ රතන හිමි

අරගල භූමියේ සිටි ප්‍රකට සමාජ ක්‍රියාකාරිකයකු වන ෂෙහාන් මාලක ගමගේ පාස්කු ප්‍රහාරයට යුධ හමුදා බුද්ධි අංශයේ ප්‍රබලයෙකුගේ සෘජු සම්බන්ධතාවයක් පවතින බවත් එය තමන් ඇතුළු මේ සම්බන්ධයෙන් උනන්දු කණ්ඩායම් හෙළි කරනු ලැබුවේ චැනල් 4 නාලිකාවට පෙර බවත් පවසනවා.

ඔහු මේ බව පැවසුවේ ඊයේ Truth with Chamuditha යූ ටියුබ් නාලිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවක් සඳහා එක් වෙමිනි.

ඔහු මෙහි දි පවසා සිටියේ සහරාන් ඇතුළු අන්තවාදී කල්ලි, අතුරුලියේ රතන, ගලබොඩඅත්තේ ඥානසාර වැනි කණ්ඩායම් ද ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙන ඒමේ කුමන්ත්‍රණයෙහි ඉත්තන් වූ බවයි.

පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් කාදිනල් හිමියන් දැක්වූ දායකත්වය පසුපස සිටින චරිතය අතුරුලියේ රතන හිමියන් බව ඔහු සඳහන් කළා.

එමෙන්ම පසු ගිය කාලවකවානුවේ යුධ හමුදා බුද්ධි අංශය වෙත සහරාන් ගේ අන්තවාදී කණ්ඩායම පිළිබඳ තොරතුරු ලබා දුන් ඔත්තුකරුවන් දෙදෙනෙකු රහසිගත ලෙස ඝාතනය කිරීමට කටයුතු කර ඇති බව ඔහු පෙන්වා දී තිබෙනවා.

Latest News

More like this

ආපදා සහන සැලසීමට චන්ද්‍රිකාගෙන් රු මිලියන 250ක ප්‍රදානයක්

හදීසි ආපදා තත්ත්‍වයෙන් විපතට පත් ජනතාව නගා සිටුවීම සඳහා...

රුපියල් මිලියන 400 ක ආධාර රැගත් චීන ගුවන් යානය පැමිණේ

ශ්‍රී ලංකාවේ ආපදාවෙන් පීඩාවට පත් ජනතාව සඳහා චීනය විසින්...

අනවසර ඉදිකිරීම් සඳහා කිසිම ඉඩක් නැහැ.. නීති දැඩි කිරීමට ජනපතිගෙන් උපදෙස්

අනවසර ඉදිකිරීම් සඳහා අනාගතයේදී කිසිදු ඉඩක් ලබා නොදෙන බවත්,...

කුණාටුව එන බව දැනගෙන සැඟවූ විපක්ෂයටත් නඩු..

නොවැම්බර් මස 12 වැනි දින කාලගුණ අංශ විසින් රජයට...