ඔයා “බාබි” බැලුව ද? ජනපති සිසුවියගෙන් අසයි.

ජනාධිපති කාර්යාලයට අධ්‍යයන චාරිකාවක් සඳහා පැමිණි රත්නපුර සීවලී මහා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ සිසුන් පිරිසක් සමඟ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කතා බහක නිරත වී තිබෙනවා.

දේශපාලනය, නවතම චිත්‍රපට, ඉංග්‍රීසි සාහිත්‍ය කෘති ඇතුළු විවිධ විෂයයන් පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී සිසුන් සමඟ සැහැල්ලුවෙන් සාකච්ඡා කරනු මෙහි දී දක්නට ලැබුණා.

එහිදී ජනාධිපතිවරයා ශිෂ්‍යාවකගෙන් අලුතින් නිකුත් වූ ‘බාබි’ චිත්‍රපටය නැරඹුවේදයි විමසා සිටියා.

ඉංග්‍රීසි නාට්‍ය රචක විලියම් ෂේක්ස්පියර්ගේ සාහිත්‍ය කෘති පිළිබඳව උනන්දුවක් දැක්වූ සිසුවිය, ඊට ප්‍රතිචාර දැක්වූයේ තමන්ට තවමත් චිත්‍රපටය නැරඹීමට අවස්ථාවක් නොලැබුණු බවයි.

තමන් දේශපාලන විෂය ක්ෂේත්‍රය පිළිබඳව දැඩි උනන්දුවක් දක්වන බව පැවසූ තවත් පාසල් සිසුවෙක් මෙහි දී සඳහන් කළේ උදේ හවස රූපවාහිනියෙන් දකින ජනාධිපතිවරයා මුහුණට මුහුණ මුණ ගැසීම තමන්ට ඉමහත් සතුටට කරුණක් බවයි.

මෙම සැහැල්ලු කතාබහේ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍යවල හුවමාරු වෙමින් පවතිනවා.

Latest News

More like this

යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 1.8ක පරිත්‍යාගයක්

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක හදිසි මානුෂීය...

Google Map හි ශ්‍රී ලංකාවේ මාර්ග යාවත්කාලීන කරයි

Google Map හි A හා B මාර්ග සිතියම් යාවත්කාලීන...

Rebuilding Sri Lanka අරමුදලට ලැබුණ ආධාර රු බිලියන 1.8 පනී

'දිට්වා' සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු රට නැවත...

සහන මුදල් සතපහක් ආපසු හරවා එවන්න එපා.. ජනපති අනුරගෙන් උපදෙස්

ආපදාවට ලක් වූ ස්ථානවල යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් මෙම...