චීනය ශ‍‍‍්‍රී ලංකාව ණය උගුලේ තබා ගනිමින් IMF සහන නතර කිරීමේ උත්සහයක

ශ්‍රී ලංකාව ණය උගුලේ තබා ගනිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහන නතර කිරීමේ චීන උත්සහය ජ්‍යාත්‍යන්තර මාධ්‍යවල අවධානයට

ශ්‍රී ලංකාවේ විශාලතම ද්විපාර්ශ්වික ණය දෙන්නා වන චීනයෙන් ණය සහන රාමුවක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව දරන රාජ්‍ය තාන්ත්‍රික අසාර්ථක උත්සහය මධ්‍යයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබීමට නියමිත ඩොලර් බිලියන 3 ක මුදල් සහනය අවහිර කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවක් පෙන්වා දී තිබේ.

පසුගිය මාසයේ IMF නිලධාරීන් විසින් කරන ලද සංචාරයේදී, බංකොලොත් දකුණු ආසියානු ජාතියක් වන ශ්‍රී ලංකාව එහි විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මන්දගාමී ප්‍රගතිය යලිත් වරක් අවධාරනය කරන ලද බව එම වාර්තාව පවසයි.

එය ඩොලර් මිලියන 330 ක දෙවන වාරික ආධාරය ප්‍රතික්ෂේප කර ඇති බව එහි දැක්වේ.

බීජිං හි කලාපීය යටිතල පහසුකම් ගොඩනැගීමේ වැඩසටහන වන තීරය සහ මාර්ග මුලපිරීමේ 10 වැනි සංවත්සර සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඔක්තෝබර් මැද භාගයේ චීනයේ සිදුකිරීමට නියමිතව ඇති සංචාරයේ දී ද ණය සහනය ලබා ගැනීම වෙනුවෙන් කටයුතු කිරීම ශ්‍රී ලංකාවේ අපේක්ෂාව වනු ඇත. ණය සහන පිළිබඳව සාකච්ඡා කිරීමට වික්‍රමසිංහ මහතා චීන ජනාධිපති ෂී ජින්පින් හමුවීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසයි.

එහෙත් කොළඹ පිහිටි ආසියානු සහ බටහිර දූත මණ්ඩලවල රාජ්‍යතාන්ත්‍රික මූලාශ්‍ර Nikkei Asia වෙත පවසා ඇත්තේ ලංකාවේ ණය සම්බන්ධයෙන් චීනයේ බාධා කිරීම ගැටලුකාරී බවයි.

මාර්තු අග දී ඩොලර් මිලියන 330 ක පළමු ණය මුදල අනුමත කිරීමෙන් පසු රටේ වාර්තාව පිරික්සීමෙන් අනතුරුව අතිරේක ආධාර ලබා දීම සඳහා “මූල්‍යකරණ සමාලෝචන සම්පූර්ණ කිරීම අවශ්‍ය” බව අරමුදල ප්‍රකාශ කළේය.

“මෙම මූල්‍ය සමාලෝචන මගින් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සමඟ ප්‍රමාණවත් ප්‍රගතියක් ලබා තිබේද යන්න පිළිබඳව අවධානය යොමු කරනු ඇත. එය නියමිත වේලාවට සහ වැඩසටහනේ ණය ඉලක්කයට අනුකූල වන බවට විශ්වාසයක් ලබා දෙනු ඇත.” පීටර් බෲවර්ගේ ප්‍රධානත්වයෙන් යුත් IMF කණ්ඩායම පවසා තිබේ.

නමුත් චීනය එම වැඩපිළිවෙළ අවහිර කරමින් සිටියි. විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ රාමුවක් කෙටුම්පත් කිරීමේ අරමුණින් ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය විසින් සභාපතිත්වය දරන ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික ණය හිමියන්ගේ කමිටුවකට සම්බන්ධ වීමට අප්‍රේල් මස කළ ආරාධනයක් ද චීනය ප්‍රතික්ෂේප කළේය.

ආසියානු රාජ්‍ය තාන්ත්‍රිකයෙක් මාධ්‍ය වෙත වැඩිදුරටත් පවසා ඇත්තේ චීනය පවතින ණය ගෙවීම සඳහා නව ණය ලබා දීමට සාකච්ඡා කර ඇති බවයි.

Latest News

More like this

නිවාස පිරිසිදු කර ගැනීමේ රු 25,000 ක මුදල ගන්න ආණ්ඩුවේ නිලධාරීන් හතරක් සහතික කරන තෙක් ඉන්න වෙලා

'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් ඇතිවුණු ආපදා තත්ත්වය හමුවේ විපතට...

ජපානයට 8.0ක මෙගා භූමිකම්පාවක් සිදුවන බවට අනතුරු ඇඟවීමක්..

ජපානයේ කාලගුණ අංශ විසින් රටට ඉක්මණින් බලපෑ හැකි 'මෙගා'...

තවත් කුණාටුවක්.. කාලගුණ දෙපාර්තමේන්තුව හා BBC කියයි

බෙංගාල බොක්ක ප්‍රදේශයේ වර්ධනය වූ කුණාටුවක් ශ්‍රී ලංකාවට ඇතුළු...

බුදුන්ගේ රස්තියාදුව කෘතියෙන් අපහාසයට එහා අපරාධයක් කරලා..

බුදු දහමට සහ ගෞතම බුදුන් වහන්සේට අපහාසවන බවට ආන්දෝලනයට...