නයනතාරාගේ රූපලාවන්‍ය නිෂ්පාදන පෙළකට ඉන්දියානුවන්ගේ විරෝධයක්

රංගන ශිල්පිනියක වන Nayanthara 9Skin නමින් ඇගේම රූපලාවන්‍ය නිෂ්පාදන මාලාවක් හඳුන්වාදීමට මෑතකදී කටයුතු කළා.

මුලදී, ඇගේ රසිකයින් මෙම නිවේදනයෙන් උද්දාමයට පත් වූ නමුත් මිල ගණන් හෙළිදරව් වූ පසු ඔවුන්ගේ උද්යෝගය බලාපොරොත්තු සුන්වීමක් බවට පත් වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

පසුගිය දින කිහිපය පුරාවටම Nayanthara සමාජ මාධ්‍ය ඔස්සේ සිය රූපලාවන්‍ය නිෂ්පාදන තොරතුරු බෙදා හදා ගත්තා.

කෙසේ වෙතත්, 9skin.in වෙබ් අඩවියට ගිය විට, සාමාන්‍ය මධ්‍යම පාන්තික පුද්ගලයෙකුට ඒවා දැරිය නොහැකි යැයි පවසමින් සමාජ මාධ්‍යවල ඉහළ මිල ගණන් විවේචනය කර තිබුණා.

මීට අමතරව, සමහර සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් ඇය අධික ලෙස වේශ නිරූපනයකින් සැරසී සිටින ඡායාරූප සහ වීඩියෝ සමඟ සම ආරක්ෂණ සන්නාමයක් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් ද සිය අප්‍රසාදය පළ කර ඇති බවයි එම වාර්තා පවසන්නේ.

Latest News

More like this

චීනය රහසේ ඔත්තු බැලීම් සඳහා මී මැස්සන්ගේ මොළය හැසිරවිය හැකි ගැජට් එකක් සොයාගනී

මී මැස්සන්ගේ මොළයට පාලක ඇතුළු කර ඔවුන් පියාසර කළ...

ඉන්දීය බිහිසුණු ගුවන් අනතුරට හේතුව අනාවරණය වේ…

පසුගිය ජුනි මාසයේ ඉන්දියාවේ අහ්මදාබාද් හි දී පුද්ගලයින් 260...

මනුවර්ණට තනතුරක්..

කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සභාපති ලෙස...

ජූලි චෑන්ගෙන් පසු ශ්‍රී ලංකාවට එන නව ඇමරිකානු තානාපතිවරයා..

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ මීළඟ අමෙරිකා එක්සත් ජනපදයේ...
error: Content is protected !!