ජාතික ජන බලවේගයේ රජයක අහිමි වෙන වරප්‍රසාද

ජාතික ජන බලවේගයේ රජයක් තුළ ජනතාවට නොලැබෙන කිසිදු වරප්‍රසාදයක් දේශපාලනඥයන්ට හිමි නොවන බව එම පක්ෂයේ විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා.

මන්ත්‍රීවරයෙකු විසින් ඉටුකරනු ලබන්නේ මහජන සේවයක් බැවින් ඔහුට කිසිවිටක වැටුපක් හිමි නොවන අතර ඔහුට ලබා දෙන්නේ දීමනාවක් බව ද ඔහු පවසා තිබෙනවා.

ඔහු මේ බව පැවසුවේ රූපවාහිනී දේශපාලන වැඩසටහනක් අතුරතුරදී යි.

“මම වගකීමෙන් කියන්නෙ ජාතික ජන බලවේගයේ පාලනයක් තුළ ජනතාවට නොලැබෙන කිසිදු වරප්‍රසාදයක් වෙනම දේශපාලනඥයාට ලැබෙන්නෙ නෑ. ලැබෙන්න ඕනත් නෑ. ජනතාවට සිකියුරිටි එකක් නැතුව දේශපාලනඥයාට සිකියුරිටි එකක් ඕන නෑ.

ජනතාව තමන්ගේ ලයිට් බිල ගෙවාගන්න බැරුව ඉද්දි දේශපාලඥයන්ගේ බිල ජනතාව ගෙවනවා. දේශපාලනඥයගේ වතුර බිල ජනතාව ගෙවනවා.මං ගාව තොරතුරු තියෙනවා. ජනතාවට නිල නිවාස නෑ. ජනතාව ඒව පවත්වාගෙන යනවා. මේ ක්‍රමය නවත්වන්න ඕන.

අපේ රටේ ආර්ථිකය හදන්න බෑ මේ ක්‍රමය වෙනස් නොකර. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් තුළ අපි සහතිකයක් දෙනවා. ජනතාව නැති වරප්‍රසාද දේශපාලනඥයට අවශ්‍ය නෑ. අනිවාර්යයෙන් ඒක අහෝසි වෙනවා.”

Latest News

More like this

එක්සත් රාජධානියට තීරුබදු රහිතව භාණ්ඩ අපනයනය කිරීමට ලංකාවටත් වරම්..

ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලින් සිදුකෙරෙන ආනයන...

ට්‍රම්ප්ගේ තීරුබදු ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට කරන බලපෑම

එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට පනවා ඇති තීරුබදු හේතුවෙන් ශ්‍රී...

එක්සත් ජනපදය සමඟ ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුමක් පිළිබඳව නියෝජ්‍ය ඇමතිගෙන් ඉඟියක්

එක්සත් ජනපද තීරු බදු ක්‍රියාත්මක වන අගෝස්තු 1 වන...

සිය හෝටලය විනාශ කළ බව පිළිගත් අරගලකරුවන්ට ජොන්ස්ටන් සමාව දෙයි

2022 වසරේ මැයි මස 09 වනදා ගාලු මුවදොර ගෝඨා...
error: Content is protected !!