ඩයනා ගමගේ මන්ත්‍රීවරියගෙන් පුරප්පාඩු වූ සමගි ජන බලවේගයේ මන්ත්‍රි ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් අද (මැයි 10) දිවුරුම් දීමට නියමිතව ඇති බව වාර්තා වෙනවා.
පාර්ලිමේන්තු මහ ලේකම්වරිය අදාළ පුරප්පාඩුව පිළිබඳ කළ දැනුවත් කිරීම අනුව සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සදහා මුජිබර් රහුමාන් නම් කරමින් මැතිවරණ කොමිෂන් සභාව ඊයේ (මැයි 9) පස්වරුවේ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.
එම මන්ත්‍රී ධූරය සදහා සමගි ජන බලවේගය මුජිබර් රහුමාන්ගේ නම මැතිවරණ කොමිෂන් සභාව වෙත යෝජනා කර තිබෙනවා.
මීට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ මුජිබර් රහුමාන් පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහ නගර සභාවේ සමගි ජන බලවේගයේ නගරාධිපති අපේක්ෂකයා ලෙස තරග කිරීම සඳහා මන්ත්‍රී ධූරයෙන් ඉවත් වුණා.