“වත්‍තෙ වැව ළඟ නිසල නිවහන
මමම හැදුවා පොඩිපුතේ
මගේ තනියට ලොකු පුතා ඇති
හොයාගන්නම් හෙට උදේ”
රවී රොයිස්ටර්ගේ ජනප්‍රිය ගීතයේ පද කිහිපයක් වෙනස් කර මේ ආකාරයට නිර්මාණය කරගෙන තිබුණේ පාලිත තෙවරප්පෙරුමය. ඒ ඔහුගේ අන්තිම කැමැත්ත බව පවසමිනි.
ඒ අනුව පසුගිය සිකුරාදා (19)සදහටම අප අතරින් වියෝවූ ඔහුගේ අන්තිම කැමැත්ත ඉටු කිරීමට නව පරපුරේ ජනප්‍රිය ගායකයකු වන රවී රොයිස්ටර් කටයුතු කර තිබෙනවා.
පාලිත තෙවරප්පෙරුම මහතාගේ අන්තිම කැමැත්තෙහි සඳහන් වූ ආකාරයටම එම ගීය නැවත නිර්මාණය කර යූ ටියුබ් අවකාශයට මුදා හැර තිබුණා.