කොරියානු රැකියාවක් ලබා දෙන බව පවසමින් ලක්ෂ 30 ක මුදල් වංචා කළ බව කියන සිදුවීමක් සම්බන්ධයෙන් මේ වන විට බන්ධනාගත කර සිටින නිළි දමිතා අබේරත්න සහ ඇගේ සැමියාට එරෙහිව තවත් පැමිණිල්ලක් පෑලියගොඩ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයට ලැබී ඇතැයි වාර්තා වෙනවා.
මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්‍තේ වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්ගෙනි.
ඔහුගෙන් ලක්ෂ 34 ක මුදලක් ලබාගෙන පසුව ලක්ෂ 4ක් ආපසු ලබා දී ඇති බවත් පොලිසිය පවසනවා.
මේ සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇති අතර ඉදිරියේ දී අධිකරණයට කරුණු ඉදිරිපත් කරන බවයි පොලිසිය වැඩිදුරටත් පවසන්නේ.