මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ඊයේ (04) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අත්අඩංගුවට පත් වූ රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ අනුව අඹුසැමි යුවළ අප්‍රේල් 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියමිතයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාශය විසින් දකුණු කොරියාවේ රැකියා ලබාදීමේ පොරොන්දුවක් මත මිලියන 3ක් වංචා කිරීම සම්බන්ධයෙන් මේ වන විට දියත් කර ඇති විමර්ශනයන්ට අනුව මෙම අත් අඩංගුවට ගැනීම සිදු කෙරුණා.
එම විමර්ශනයන්ට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ අදාළ නඩුවේ සැකකරුවන් ලෙස අබේරත්න සහ ඇයගේ සැමියා නම් කරන බවයි.
ඒ අනුව ඔවුන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා ගොනු කළ රීට් පෙත්සමක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා ප්‍රතික්ෂේප කරනු ලැබුවා.
මේ අතර සිද්ධියට අදාළව කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා බදාදා (03) අඹුසැමි යුවළට විදෙස් ගමන් තහනමක් ද නිකුත් කළා.